Deepthi Nandana Priyankara Wickramathilaka

Deepthi Nandana Priyankara Wickramathilaka I am a Lawyer, Practising at Colombo

ජූලි මස 26 සිකුරාදා දින සන්ධ්‍යාවේදී අප මහා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සාරිපුත්ත මොග්ගල්ලාන සංඝ පරම්පරාවෙන් පැවත එන අරිය...
27/07/2024

ජූලි මස 26 සිකුරාදා දින සන්ධ්‍යාවේදී අප මහා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සාරිපුත්ත මොග්ගල්ලාන සංඝ පරම්පරාවෙන් පැවත එන අරිය මහා සංඝරත්නය හා ලොව මෙතෙක් පහලවූ සියළුම බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා අරමුණු කරගෙන, ඉමහත් ශ්‍රද්ධාවෙන්,
නිදන්ගත රෝගයකින් පෙළෙන යථිවරයන් වහන්සේ නමක් උදෙසා අත්‍යාවශ්‍යව පැවති ඖෂධයක් වන ඉන්සියුළින් කාල දානයක් ලෙස පූජා කලා.

උන්වහන්සේ පිරිත් පැනි පානය කිරීමට ලබාදී, පිරිත් නූල් බැඳ, අප මහා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් සධාතුක ධාතු කරඬුන් වහන්සේ මාගේ ශීර්ෂ මස්ථකයට වඩම්මවා ආශිර්වාද කලා. උන්වහන්සේ සුවපත් වේවා………

බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස ….

මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම උපනූපන් ජීවිතයකම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවාහ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.

බොහෙත් ඖෂධ පූජා කිරීමෙන් පිළින්‍දිවච්ඡ මහරහතන් වහන්සේ අනුසස් දහයක් ලැබුවා
දීර්ඝායුෂ ලැබේ.
බලවන්තයෙකු වේ.
වීර්යය වන්තයෙකු වේ.
වර්ණ සම්පත් ලැබේ.
යශස් ඇත්තේ වේ.
සැප ඇත්තේ වේ.
උපද්‍රව නැත්තේ වේ.
අන්තරා නැත්තේ වේ.
හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
ප්‍රිය විප්පයෝග දුක් නොලැබේ.

ඖෂධ පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ.
කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම ඖෂධ පූජා කරන්නටත් හැකියි.
නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් ඖෂධ පූජා කරන්නටත් හැකියි.

“අධිවාසේතු නෝ භන්තේ - භේසජ්ජං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං”

“ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ බෙහෙත් ඖෂධ පිළිගනීවා”

මෙම කුසල කර්මයෙන් ජනිත මහගු කුසල සම්භාරය, පරලෝසැපත් මාගේ ආදරණීය දෙමාපියණ් ප්‍රමුඛ සංසාරගත ඥාතිමිත්‍රාදීන් සියළුම දෙනාටත්, සියළුම ඉෂ්ඨ කාන්ත දෙවිදේවතාවියන් වහන්සේලාටත්, ශක්‍ර දෙවියන් හා සතරවරම් දෙවිවරුන්, ගම්බාර දෙවිවරුන්, දැඩිමුණ්ඩ දිව්‍යරාජයාණන්, මහා රාවණ රජතුමා, මහාසේන දිව්‍යරාජයාණන්, මණිඅක්ඛික නාරජතුමා, කැළණිතිස්ස රජතුමා, කාවන්තිස්ස රජතුමා, විහාරමහාදේවිය, ගිරි අබා රජතුමා, සෝමාවතී දේවිය, දුටුගැමුණු මහ රජතුමා, සද්ධාතිස්ස රජතුමා, සාලිය කුමාරය, මහසෙන් රජතුමා, කිත්සිරිමෙවන් රජතුමා, දන්ත කුමාරයා, හේමමාලා කුමරිය, මහ විජයබාහු රජතුමා, සිරි පැරකුම්බා රජතුමා, සමුද්‍රා දේවිය, කෝට්ටේ ධර්මපාල රජතුමා, කුසුමාසන දේවිය, පළමුවන විමලධර්මසූරිය රජතුමා, මහා අස්ථාන කුමරු, ඇහැලේපොළ කුමාරිහාමි, කැප්පෙටිපොල නිලමේ, මද්දුම බණ්ඩාර හා ලොකු බණ්ඩාරට, නීලගිරි මහා සෑයට හා කිරිවෙහෙරට අධිගෘහිත දෙවිදේවතාවුන් වහන්සේලා හා නිර්මාතෘවරුන් ප්‍රමුඛ සියළුම බ්‍රහ්ම, දේව, නාග, යක්ෂ, අසුර හා ප්‍රේත මංඩලවලට හා පිංකැමති සියළුම දෙනාටම අනුමෝදන් කලා…
එමෙන්ම ඔබ සැමටත් අනුමෝදන් කරනව…
අනුමෝදන් වෙත්වා …

26/03/2024

ෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිසරූපවාහිනී - TV (කොළඹ ශාඛාව)බෞද්ධයා රූපවාහිනී නාලිකාව,+94 11 7 215 2...

අද දිනට 84 වන ජන්මදිනය සැපිරෙන හා පරලෝසැපත් වී වසර හතක් ගතවූ, අපේ ආදරණීය මෑණියන් ඇතුළු සංසංරගත ඥාති මිත්‍රාදීන්ට පිංපතා...
07/06/2023

අද දිනට 84 වන ජන්මදිනය සැපිරෙන හා පරලෝසැපත් වී වසර හතක් ගතවූ, අපේ ආදරණීය මෑණියන් ඇතුළු සංසංරගත ඥාති මිත්‍රාදීන්ට පිංපතා නම කියනින අවසර පූජ්‍යපාද මිරහවත්තේ ප්‍රඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ බෞද්ධයා රූපවාහිනියට වැඩම කරවා මාගේ සහ සොයුරියගේ සම දායකත්වයෙන් පටිගත කර විකාශය කෙරවූ සුමදුර සද්ධර්ම දේශනය

ෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිසරූපවාහිනී - TV (කොළඹ ශාඛාව)බෞද්ධයා රූපවාහිනී නාලිකාව,+94 11 7 215 2...

19/11/2022
01/08/2022
24/07/2022
24/07/2022
24/07/2022

Address

Wattala

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+94714808734

Website

Alerts

Be the first to know and let us send you an email when Deepthi Nandana Priyankara Wickramathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Deepthi Nandana Priyankara Wickramathilaka:

Share

Category