23/06/2026
🎓❌ උපාධියක් නැද්ද? දැන් එය ඔබගේ සිහින රැකියාවට බාධාවක් නොවෙයි!
දකුණු කොරියාවේ ප්‍රමුඛතම අර්ධ සන්නායක (Semiconductor) සමාගමක් වන "SK hynix" ඉතිහාසගත තීරණයක් වෙත එළඹ තිබේ. එනම්, තම සමාගමෙහි රැකියා බඳවා ගැනීම්වලදී අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අවශ්‍යතා ඉවත් කිරීමයි. 😲
AI තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ සේවකයින්ගේ වටිනාකම තීරණය කළ යුත්තේ උපාධි සහ සහතිකපත් මත නොව, ඔවුන්ගේ කුසලතා, අත්දැකීම්, නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව සහ වර්ධනය වීමට ඇති හැකියාව මත බව සමාගම විශ්වාසය බව ඔවුන්ගේ recriut requirements අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි. 💡🚀
Job notices වල මෙතෙක් "Bachelor’s Degree Required" ලෙස සඳහන් වූ කොන්දේසි ඉවත් කර ඇති අතර, අදාල රැකියාවට ගැළපෙන හැකියාවන් සහ පළපුරුද්ද ඇති ඕනෑම අයෙකුට දැන් අයදුම් කිරීමේ අවස්ථාව හිමි වන බව මෙහිදී ගම්‍යමාන වේ.
SK hynix යනු Nvidia AI චිප් සඳහා භාවිතා වන High Bandwidth Memory (HBM) නිශ්පාදනයේ ලොව ප්‍රමුඛතම සමාගමකි.
මේ වන විට වෙළඳපල වටිනාකම අතින් ලෝකයේම 13 න් වන ස්ථානයේ ත් කොරියාවේ 2 වන ස්ථානයත් (1 වන ස්ථානය - Samsung) අත්පත් කරගෙන සිටින මෙම අති දැවැන්ත සමාගම, පසුගිය වසරේදී පමණක් සේවකයින් 2,000කට අධික පිරිසක් බඳවාගෙන ඇති ඇත.
ඉහළ වැටුප් සහ දැවැන්ත බෝනස් නිසා දකුණු කොරියාවේ තරුණ තරුණියන් අතර වඩාත්ම ජනප්‍රිය සේවා ස්ථානයක් බවට පත්ව තිබේ. 🇰🇷✨
මෙය අනාගතයේ රැකියා වෙළඳපොළ වෙනස් වන ආකාරය පිළිබඳ strong signal එකක් ලෙස සැලකිය හැකිය. උපාධියකට වඩා කුසලතාවයට වටිනාකම ලැබෙන යුගයක් දැන් ආරම්භ වී ඇත.
ඔබේ අදහස කුමක්ද? 🤔
රැකියාවක් ලබාගැනීමට උපාධියක් අත්‍යවශ්‍යද? නැතිනම් කුසලතාවයද වඩා වැදගත්ද? Comment කරන්න....
source: Koreaherald
________________________
දිනපතා අලුත්වන තොරතුරු දැනගැනීමට, අපිව follow කරන්න..... 🙃