10/02/2026
“ඇඟ කිලිපොලා යන කෙල්ලෙක් විසින් කළ ක්‍රියාවක්—අහස පොළොව නුහුලාගත් මහා අභිරහසක් ...
සැරෝන් කියන්නේ වයස අවුරුදු 23ක් වූ, සෞඛ්‍යයෙන් හොඳ තරුණයෙක්. ඔහුට කිසිදු බරපතළ රෝගයක් තිබුණේ නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරපු, යාළුවොත් එක්ක සතුටින් හිටපු කෙනෙක්.
එක දවසක, ඔහු තමන්ගේ යාළුවා රෙජින් එක්ක ගියේ තමන්ගේ පෙම්වතිය වූ ග්‍රීස්මා හම්බවෙන්න. එදා සැරෝන්ගේ අදහස වුණේ ග්‍රීස්මාගෙන් පොත් ටිකක් ඉල්ලගෙන එන්න. පොත් අරගෙන එද්දී, රෙජින්ට තේරුණා—සැරෝන්ගේ මුහුණ වෙනදා වගේ නෙවෙයි කියලා. ඔහු ටිකක් අසාමාන්‍යව, අසනීප වගේ පෙනුණා.
ආපසු ගමනේදී සැරෝන්ට හදිසියේම වමනය යන්න පටන් ගත්තා. වමනයේ වර්ණයත් සාමාන්‍ය නොවෙයි—නිල් පැහැයක්. ඒත් ඒ වෙලාවේ ඒක කාටවත් බරපතළ දෙයක් වගේ හිතෙනේ නැහැ.
ගෙදර ආවට පස්සේ, සැරෝන්ගේ තත්ත්වය හොඳ වෙන්නේ නැතිව, තව තවත් නරක වෙන්න පටන් ගත්තා. පවුලේ අය ඔහුව වෛද්‍යවරයෙකුට පෙන්නුවා. ලේ පරීක්ෂණ කරලා බැලූ වෛද්‍යවරයා කිව්වේ මේක සාමාන්‍ය ආහාර ජීවන රටාවෙන් ඇතිවූ ගැටලුවක් විය හැකි බවයි. බෙහෙත් ලියලා දුන්නා.
නමුත් බෙහෙත් ගත්තත්, සැරෝන්ට කිසිදු සුවයක් ලැබුණේ නැහැ. දින කිහිපයක් යනකොට ඔහුගේ තත්ත්වය බරපතළ වුණා. ඒ නිසා පවුලේ අය ඔහුව රෝහල් ගත කළා.
රෝහලේදී හෙළිවුණේ, සැරෝන්ගේ වකුගඩු දෙකම සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවයි. වෛද්‍යවරු ඔහුව රුධිර කාන්දු පෙරනයට (Dialysis) ලක් කළා. තවදුරටත් පරීක්ෂා කිරීමේදී, ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර අවයව බොහෝ දේට බරපතළ හානි සිදුවී තිබුණා—විශේෂයෙන් පෙනහළු සහ වකුගඩු.
වෛද්‍යවරුන්ට මේ ලක්ෂණ හමුවුණේ සාමාන්‍යයෙන් ඇසිඩ් වැනි දැඩි විෂ ද්‍රව්‍යයක් ශරීරයට ඇතුල්වූ විට දකින්න ලැබෙන දේවල් ලෙස. නමුත් සැරෝන් තරයේ කියා සිටියේ, තමන් ඒ වගේ කිසිම ද්‍රව්‍යයක් භාවිතා කරලා නැහැ කියලා.
හේතුවක් සොයාගන්න බැරිව, දින කිහිපයකට පසු—සැරෝන් මිය ගියා.
දින කිහිපයකට පෙර සම්පූර්ණ සෞඛ්‍යයෙන් හිටපු තරුණයෙක් මෙච්චර ඉක්මනින් මිය යාම, හැමෝටම ලොකු අභිරහසක් වුණා.
මරණ පරීක්ෂණයේදී හෙළිවුණේ, මේ මරණය රෝගයක් නිසා නොව, කිසියම් විෂ ද්‍රව්‍යයක් ශරීරයට ඇතුල්වීම නිසා සිදුවූ එකක් බවයි. ඒත් ඒ විෂය මොනවාද, කොහොමද ඇතුල්වුණේ කියලා පැහැදිලි උත්තරයක් තිබුණේ නැහැ.
ඒ නිසා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.
මුලින්ම පවුලේ අයගෙන් ප්‍රශ්න කළා. ඊළඟට, ඔහුගේ සමීප මිතුරා රෙජින්ගෙන්. රෙජින්ගේ කට උත්තර වලදී, පොලිසියට සැකයක් මතු වුණේ සැරෝන්ගේ පෙම්වතිය ග්‍රීස්මා ගැන.
ග්‍රීස්මා කියන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබපු තරුණියක් .ඉතින් ඇය ගයපු බස් එකේම තමයි සැරෝන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ බස් එකේදි මේ දෙන්න හමුවෙලා ආදර සම්බන්ධයක් පටන් අරගෙන. ඉතින් අවුරුද්දක් විතර යනකම් මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් ටික දවසක් යද්දී ග්‍රීස්මගේ අම්මටයි තාත්තටයි තේරුනා එයාගේ ලකුණු හොඳටම අඩු වෙලා කියලා.ග්‍රීස්මගේ තාත්තා ලෝක සල්ලිකාරය නෙවෙයි .එයා වැඩ කරේත් හෝටලයක .එයා හෝටලේ වැඩ කරලා තමයි ග්‍රීස්මට ඉගැන්නුවේ.ඉතින් අම්මයි තාත්තයි දෙන්නම මේ සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ උනා.ඉතිං ග්‍රීස්ම සැරෝනට මේ සම්බන්ධය නවත්තම කියලා කිව්වා. සැරෝන මෙය නවත්තන්න කැමැති නෑ.ඒක නිසා ග්‍රීස්මා කිව්වා තමන් බදින පළවෙනි ස්වාමිපුරුෂයා මාස කිහිපයකින් මිය යනවා. ඒක නිසා මේ සම්බන්ධය නවත්වන කියලා. ඉතින් ගෙදරින් මේ අවස්ථාවේ ප්‍රපෝසෙල්ලයක් ගෙනල්ලා.
එයා හමුදා නිලධාරියෙක් ග්‍රීස්මට අකැමැත්තෙන්ම වගේ විවාහ කරලා දීලා.නමුත් සැරෝන මේකට කැමති වුණේම නැහැ. එයා කිව්වා මම ඔයාට ගොඩාක් ගොඩාක් ආදරේ මට මේක නවත්තන්න බෑ. බෑ. බෑ. . ඒක නිසා සැරෝන් කරේ මොකද ග්‍රීස් මව හොරෙන් එකතු කරන් ගිහිල්ලා විවාහ කරගත්ත.ඇයව විවාහ කරගත්තොත් පළමු පුරුෂයා මිය යනවා කියලා කිව්වාටත් ඔහු කීවේ ඔයත් එක්ක සතුටින් ඉඳලා මැරුණත් කමක් නැහැ. ඉතිං ඊට පස්සේ දෙන්නා අතර ප්‍රශ්න වැඩි වුනා..ග්‍රීස්මා බයවුනා සැරෝන් ගාව තියෙන ෆොටෝ ඇයගේ ස්වාමිපුරුෂයාට ඔහු පෙන්වයි කියල. ඉතින් සැරෝන්ගෙන් බේරිල්ලක් තැන ඇය තීරණය කරා ඔහුව මරා දමන්න .ඉතින් එදා සැරෝන් ඇයගේ ගෙදරට ආපු වෙලාවෙ බාත්රූම් එකට ගියා. ඊට පස්සෙ ඇයගේ කසායවලට වස මිශ්‍රකර අභියෝගයක් ලෙස බොන්න පුළුවන්දැයි අසුවා. සැරෝන් අභියෝගය භාරගෙන එය බිව්වා.ඔහුට වමනෙ ගිය පනිවිඩය කිව්වාම පලතුරු ජූස් එක කල්පන තිබූ බැවින් වමනය යන්නට ඇති බවයි. ගෙදරට ආ රියදුරකුට ලබා දුන් බවත් ඔහුද වමනය කර බවත්ය. පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තාම, ඇය කිව්වේ තමන්ට බඩේ අමාරුවක් තිබුණ නිසා ආයුර්වේද කසායක් බිව්වා කියලා. ඒක සැරෝන්ටත් අභියෝගයක් වශයෙන් බොන්න දුන්නා කියලා ඇය පැවසුවා
කසාය ටිකක් ඇඹුල් රසක් තිබුණ නිසා, ළඟ තිබුණ පලතුරු ජූස් එකක් එක්ක බොන්න දුන්නා කියලත් ඇය කිව්වා
නමුත් ගැටලුව වුණේ—ඇය සහ ඇගේ අම්මා දුන් උත්තර එකිනෙකට වෙනස් වීම. තවද කසාය තිබුණ බෝතලය “නැතිවුණා” කියලා දෙන්නාම කිව්වා.
පොලිසියට සැකය තවත් වැඩි වුණා.
නැවත නැවත ප්‍රශ්න කරනකොට, ග්‍රීස්මා බයවෙලා කියන්න පටන් ගත්තා—
“මාව සැක කරොත් මම මටම හානි කරගන්නවා” කියලා.
එතැනින්ම පොලිසියට සීයට සීය විශ්වාසයක් ඇතිවුණා—මේ මරණයට ඇය සම්බන්ධයි කියලා.
දිගු ප්‍රශ්න කිරීමෙන් පස්සේ, ග්‍රීස්මා සත්‍යය පිළිගත්තා.
සැරෝන් රෝහල් ගත වුණාට පස්සේ, ඔහුගේ පවුල තවත් දෙයක් ගැන දැඩි සැකයක් ඇති කරගත්තා.
ඒ තමයි—ග්‍රීස්මා දුන්න කසාය.
සැරෝන්ගේ සහෝදරයා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහුට තේරුණා මේ ලක්ෂණ සාමාන්‍ය රෝගයකට සමාන නැහැ කියලා. ඒ නිසා ඔහු ග්‍රීස්මාගෙන් දැඩිව ඉල්ලා සිටියා—
“මොන කසායද දුන්නෙ? ඒකේ නම කියන්න.”
නමුත් ග්‍රීස්මා දිගින් දිගටම ඒකට උත්තර දුන්නේ නැහැ. කසාය ගැන නමක්වත්, වට්ටෝරුවක්වත් කියන්න ඇය මග හැරියා. ඒ නිසා සැරෝන්ගේ සහෝදරයා තවත් තරමක් බල කරලා ප්‍රශ්න කළා.
අවසානයේදී, ග්‍රීස්මා ගූගල් එකෙන් ඩවුන්ලෝඩ් කරගත් පින්තූරයක් ඔහුට එවලා තිබුණා. ඒකෙන් පෙනුණේ සාමාන්‍ය ආයුර්වේද කසායක්.
ඒ පින්තූරය දැක්කාම, ඔහුට තේරුණා—
👉 ඒ කසාය බිව්වට මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා.
එතැනින්ම ඔහුට සැකය තවත් තහවුරු වුණා.
සැරෝන් මිය ගියාට පස්සේ, මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වුණා.
ඒ වාර්තාවෙන් පැහැදිලිව සඳහන් වෙලා තිබුණේ—
කසායට විෂ ද්‍රව්‍යයක් මිශ්‍ර කර සැරෝන්ට ලබා දී ඇති බවයි.
මෙය අහම්බයක් නොවෙයි.
මෙය රෝගයක් නොවෙයි.
මෙය සැලසුම් සහගත මිනීමැරුමක්.
මෙතැනින්ම පරීක්ෂණය නතර වුණේ නැහැ.
පොලිසිය තවත් බරපතළ දෙයක් හොයාගත්තා.
ඒ තමයි—ග්‍රීස්මාගේ හදහන.
ඒ හදහනේ සඳහන් වෙලා තිබුණා කියලා පොලිසියට තොරතුරු ලැබුණේ,
👉 “ඇය විවාහ කරන පළමු පුරුෂයා, මාස කිහිපයකින් මිය යනවා” කියලා.
ඒත් මෙතැන තියෙන ඇත්ත තවත් බිහිසුණු එකක්.
ග්‍රීස්මා ඇත්තටම වංචා සහගතව, සැරෝන්ව විවාහ කරගෙන,
👉 ඔහු මැරෙන්නම හැරියේ.
ඇයගේ ජීවිතේ අවසාන තීරණය,
ආදරය නෙවෙයි—
තමන්ට ගෙදරින් කරලා දුන්න විවාහය ආරක්ෂා කරගැනීම.
🕯️ ප්‍රමාද වූ පාපොච්චාරණය
අවසාන මොහොතකදී, ග්‍රීස්මා සැරෝන්ගේ සහෝදරයාට එක දෙයක් කියලා තිබුණා—
“මම දුන්න කසායට වස මිශ්‍ර කළා…”
නමුත් ඒ පාපොච්චාරණය
👉 බොහෝ ප්‍රමාද වෙලා.
ඇය එය කලින් කිව්වා නම්,
👉 සැරෝන්ගේ ජීවිතය බේරගන්න තිබුණා.
👉 ඔහුට තවම පණ තිබුණා.
පණටත් වඩා ආදරේ කරපු මනුස්සයෙකුට,
ඇය අන්තිමට කරපු දේ—
👉 මරණය.
සිද්ධියෙන් සති දෙක තුනකට පස්සේ, නඩුව උසාවියට ගියා.
උසාවිය විසින්—
ග්‍රීස්මා වරදකරු බවට තීන්දු කළා
ඇය සිරභාරයට යවනු ලැබුවා
ඇයට මේ සියල්ලට සහයෝගය ලබා දුන්නා කියලා හෙළිවුණු නිසා
👉 ඇයගේ මවටත් මාස කිහිපයක සිර දඬුවමක් නියම වුණා
🌑 අවසාන පණිවිඩය
ආදරය නාමයෙන්,
බය නාමයෙන්,
සමාජයට බියව—
එක තීරණයක්
👉 තරුණ ජීවිතයක් අකාලයේ නිමා කළා.
මේ කතාව කියන්නේ එක දෙයක්මයි—
ආදරයට වඩා බියට ඉඩ දුන්නාම,
අවසානයේ ඉතිරි වෙන්නේ පසුතැවීමක් විතරයි .
උපුටාගැනීමක්.