නීතිය සැමට - Law for All

නීතිය සැමට - Law for All Empowering you with legal know-how to stand strong in society. Join us for clear, actionable insights.

නැවත දැනුම් දෙන තුරු බදාදා දින අධිකරණ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
16/03/2026

නැවත දැනුම් දෙන තුරු බදාදා දින අධිකරණ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

සිවිල් නීතියේ නව ප්‍රවනතා ⚖️නීති වැඩමුළු අංක - 01🎤 දේශක – ඡේෂ්ඨ නීතිඥ කපිල ගාමිණී ජයසිංහ📅 දිනය – 2026 මාර්තු 16 (සඳුදා)...
13/03/2026

සිවිල් නීතියේ නව ප්‍රවනතා ⚖️

නීති වැඩමුළු අංක - 01

🎤 දේශක – ඡේෂ්ඨ නීතිඥ කපිල ගාමිණී ජයසිංහ

📅 දිනය – 2026 මාර්තු 16 (සඳුදා)
⏰ වේලාව – ප.ව. 1.00 සිට 4.00 දක්වා
📍 ස්ථානය – නීතිඥ විවේකාගාරය
දිසා/මහේස්ත්‍රාත් අධිකරණය – හෙට්ටිපොල

🗂 සංවිධානය – නීතිඥ සංගමය – හෙට්ටිපොල

📞 විමසීම්:
අස්ලිහා – 077 434 2463
හසිත – 077 512 9088

⚖️ නීතිඥ මහත්ම/ මහත්මීන්ට සහ නීති ශිෂ්‍යයින්ට ආරාධනා !

📚 #නීතිය_සැමට

"Rights. Justice. Action. For ALL Women and Girls” International Women’s Day 2026   #නීතිය_සැමට
07/03/2026

"Rights. Justice. Action. For ALL Women and Girls”

International Women’s Day 2026



#නීතිය_සැමට

අද (3) මව්බිම  පුවත්පත 11 වන පිටුව #නීතිය_සැමට
03/03/2026

අද (3) මව්බිම පුවත්පත 11 වන පිටුව

#නීතිය_සැමට

ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනයක් වේවා ! 🌼 මැදින් පොහොය  සම්බුද්ධ ශාසන ඉතිහාසයේ  ඉතා වැදගත්  කරුණු රාශියක් සිදු වු දිනයක...
02/03/2026

ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනයක් වේවා !

🌼 මැදින් පොහොය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් කරුණු රාශියක් සිදු වු දිනයක් ලෙස සැලකෙයි.

🌼 බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම

🌼 කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම සහ එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම

🌼 යශෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම

🌼 රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම

🌼 ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම

🌼 මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විමද එහිදි සිදු විම

🌼 ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට දරුවන් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් පැනවීම

ආදී වශයෙන් එකී වැදගත් අවස්ථා ශාසන ඉතිහාසය ට එක් වේ.

ලක්මල් වික්‍රමආරච්චි



#අඳුරෙන්_එළියට_බොදු_කථිකාව
#යහපත්_මිනිසුන්_සමඟ_ගමනක්


https://www.dinamina.lk/2026/02/25/lawnorder/267566/
25/02/2026

https://www.dinamina.lk/2026/02/25/lawnorder/267566/

හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය දිසා / මහෙස්ත්‍රාත් ඒකාබද්ධ අධිකරණයක් බවට පත්වේ. මේ නිමිත්තෙන් හෙට්ටිපොල නීතිඥ .....

https://www.facebook.com/share/p/1FuEyfJH8q/?mibextid=wwXIfr
25/02/2026

https://www.facebook.com/share/p/1FuEyfJH8q/?mibextid=wwXIfr

🔴 හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය
දිසා සහ මහෙස්ත්‍රාත්
ඒකාබද්ධ අධිකරණයක්
බවට පත්වෙයි

හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය දිසා සහ මහෙස්ත්‍රාත් ඒකාබද්ධ අධිකරණයක් බවට පත්වීම සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් පසුගියදා හෙට්ටිපොල අධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි. හෙට්ටිපොල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු කේ.ඒ.ආර්. නදීශානී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට හෙට්ටිපොල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි මහතා ඇතුළු නීතිඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අංක 2453/36 සහ 2025.09.12 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් හෙට්ටිපොල දිසා අධිකරණය පිහිටුවා ඇති අතර මෙම නව පියවර හරහා ප්‍රදේශයේ ජනතාවට යුක්තිය ඉටුකර ගැනීමේ වඩාත් පුළුල් අවස්ථාවක් හිමිවනු ඇත.

මෙම නව අධිකරණ කලාපය බිංගිරිය, පඬුවස්නුවර බටහිර සහ පඬුවස්නුවර නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අදාළ නිලධාරී වසම් ආවරණය කරනු ලබයි. ඒ අනුව ඉඩම් නඩු, බෙදුම් නඩු, දික්කසාද නඩු, මුදල් අයකර ගැනීම් සහ වන්දි නඩු ඇතුළු සියලුම ආකාරයේ සිවිල් නඩු කටයුතු සඳහා සහන ලබා ගැනීමට හෙට්ටිපොල දිසා අධිකරණය වෙත යොමු වීමට මින් ඉදිරියට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබේ. හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය ද දිසා අධිකරණය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වීම ජනතාවට සහ නීතිඥ ප්‍රජාවට ඉමහත් පහසුවක් වන අතර මෙම අධිකරණය පිහිටුවීමට සහාය දැක්වූ අගවිනිසුරුතුමා ඇතුළු අධිකරණ පද්ධතියේ සියලුම නිලධාරීන් වෙත හෙට්ටිපොල නීතිඥ සංගමය සිය ස්තූතිය පිරිනමයි.

#හෙට්ටිපොල #අධිකරණපුවත් #නීතිඥසංගමය

අද දින ලංකාදීප පුවත්පත    #නීතිය_සැමට
17/02/2026

අද දින ලංකාදීප පුවත්පත



#නීතිය_සැමට

හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.නීතිඥ බුද්ධික මල්ලවආරච්චි ම...
15/02/2026

හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහ සභාව අද (15) කොළඹදී රැස්වුණි.

එහිදී නීතිඥ සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4ක් ගනු ලැබුණි.

1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

2. දිප ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුතු වලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

3. මෙම කෲර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when නීතිය සැමට - Law for All posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category