LABOR and VISA WhyBe - Sri Lanka

LABOR and VISA WhyBe - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LABOR and VISA WhyBe - Sri Lanka, Legal Service, 중구 세종대로 72 대영빌딩 504호, Seoul.

වීසා නැති අයටත් තමන්ට හිමි නොගෙවු වැටුප් ලබාගැනීමටත් වසරක් සේවය සම්පූර්ණ කර ඉවත්නීමේදී ත්වේචික්ගම් ලබාගැනීමටත් අයිතියක් ...
09/08/2026

වීසා නැති අයටත් තමන්ට හිමි නොගෙවු වැටුප් ලබාගැනීමටත් වසරක් සේවය සම්පූර්ණ කර ඉවත්නීමේදී ත්වේචික්ගම් ලබාගැනීමටත් අයිතියක් ඇත.

ආයතනයෙන් ලබාදීමට අදිමදි කරන්නේනම් හෝ අවසාන අවුරුදු 3 ඇතුළත එවැනි සිදුවීමක් වී ඇතිනම් අප හා සම්බන්ධ වන්න 💙

නොමිලේ උපදෙස් ලබා ගැනීමට අප අමතන්න!
☎ 010-7289-1345

#වැටුප්නොගෙවීම් #ත්වේචික්ගම් #노동법률자문 #임금체불

ඔබට වසරක් තුළ භාවිත නොකළ වාර්ෂික නිවාඩු (Annual Leave) සඳහා මුදල් ලබා ගැනීමට හැකියාවක් තිබෙන බව ඔබ දන්නවාද? 😎💡 දැනගත යුත...
04/08/2026

ඔබට වසරක් තුළ භාවිත නොකළ වාර්ෂික නිවාඩු (Annual Leave) සඳහා මුදල් ලබා ගැනීමට හැකියාවක් තිබෙන බව ඔබ දන්නවාද? 😎

💡 දැනගත යුතු වැදගත් කරුණු:
1️⃣අවශ්‍ය සුදුසුකම් : සේවකයින් 5ක් හෝ ඊට වැඩි පිරිසක් සේවය කරන ආයතන සඳහා මෙය අනිවාර්ය වන අතර වසරකට වඩා සේවය කළ තිබිය යුතු වේ.
2️⃣නිවාඩු දින ගණන: ඔබ වසරක් තුළ 80%කට වඩා වැඩ කර ඇත්නම්, ඔබට දින 15ක වැටුප් සහිත නිවාඩු හිමි වේ. (වසරකට අඩු සේවකයින්ට මාසයකට දින 1 බැගින්).
3️⃣මුදල් බවට පත්වීම: මෙම නිවාඩු දින වසරක් ඇතුළත භාවිත නොකළ හොත්, ආයතනය විසින් ඒ සඳහා ඔබට අමතර මුදලක් (연차수당) ගෙවිය යුතුය. (ඇතැම් අවස්ථා වල මාසික වැටුපට එකතු කර දෙනු ඇත. මෙය වැටුප් වාර්ථාවේ සඳහන් වී ඇත)
4️⃣ කාල සීමාව: මෙම මුදල් වසර 3ක් ඇතුළත ඉල්ලා සිටිය හැක. (කාලය ඉක්ම ගියහොත් අහිමි වේ).

⚠️ විශේෂ අවධානයට:
ආයතනය විසින් නීත්‍යානුකූලව ලිඛිතව නිවාඩු ගන්නා ලෙස දන්වා තිබියදීත් ඔබ නිවාඩු ලබා නොගත්තේ නම් (연차사용촉진), ඔබට මෙම මුදල හිමි නොවිය හැක.

ඔබේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට අප හා සම්බන්ධ වන්න. අපි ඔබට සිංහල භාෂාවෙන් උපදෙස් ලබා දෙන්නෙමු! 🤗

නොමිලේ උපදෙස් ලබා ගැනීමට අප අමතන්න!
☎ 010-7289-1345

#වැටුප්නොගෙවීම් #ත්වේචික්ගම් #වීසා #임금체불 #부당해고 #산재사건 #노동법률자문

ඔබගේ කම්කරු නීති වලට අදාළ සේවාවන් සඳහා අපගේ කාර්යාලය තෝරාගත යුත්තේ ඇයි?🤔1️⃣සිංහල භාෂා සේවාව: ඔබගේ ගැටළු සිංහලෙන්ම අසා තේ...
23/07/2026

ඔබගේ කම්කරු නීති වලට අදාළ සේවාවන් සඳහා අපගේ කාර්යාලය තෝරාගත යුත්තේ ඇයි?🤔

1️⃣සිංහල භාෂා සේවාව: ඔබගේ ගැටළු සිංහලෙන්ම අසා තේරුම් ගෙන නොමුසා වෙත ඉදිරිපත් කරයි. භාෂාව පිලිබඳ ගැටළුවක් ඇති කරගත යුතු නැත.
2️⃣විශේෂඥ දැනුම: අපගේ කාර්යාලය විශේෂයෙන්ම විදේශිකයන්ගේ කම්කරු ගැටළු පිළිබඳව වසර ගණනාවක පළපුරුද්දක් ඇති කාර්යාලයකි.
3️⃣ ඔන්ලයින් සේවාව: ඔබ අප හමුවීමට පැමිණීම අනිවාර්ය නොවේ. ගිවිසුම් අත්සන් කිරීම තොරතුරු ලබාගැනීම වැනි සියළුම දේ ඔන්ලයින් සිදු වනු ඇත.

ඔබේ දහඩිය මහන්සියෙන් උපයාගත් ඔබට අයිති මුදල් අතහරින්න එපා. 🤗💙

නොමිලේ උපදෙස් ලබා ගැනීමට අප අමතන්න!
☎ 010-7289-1345

#වැටුප්නොගෙවීම් #ත්වේචික්ගම් #වීසා #임금체불 #부당해고 #산재사건 #노동법률자문

13/07/2026

කුක්මින් යොන්ගම් එක තනිවම පරීක්ෂා කරගන්නා ආකාරය 🤗
#와이비노무사사무소 #තෙජිකම් #연차수당 #노무사사무소

සේවාවක් ලබාදී එයින් තව කෙනෙකු සතුටු වනු දැක ලබාගන්නා සතුට නිම කළ නොහැකියි. අප සමඟ එක් වූවාට ස්තූතියි  💙 #와이비노무사사무소     #...
09/07/2026

සේවාවක් ලබාදී එයින් තව කෙනෙකු සතුටු වනු දැක ලබාගන්නා සතුට නිම කළ නොහැකියි. අප සමඟ එක් වූවාට ස්තූතියි 💙

#와이비노무사사무소 #노무사사무소 #තෙජිකම් #연차수당

ඔබත් වීසා නොමැතිව දකුණු කොරියාවේ සේවය කරනවානම් මේ කරුණු ටිකත් හරියටම දැනගෙන ඉන්න. 🤗වීසා නොමැතිව සේවය කළ නමුත් ඔබටත් කම්ක...
02/07/2026

ඔබත් වීසා නොමැතිව දකුණු කොරියාවේ සේවය කරනවානම් මේ කරුණු ටිකත් හරියටම දැනගෙන ඉන්න. 🤗

වීසා නොමැතිව සේවය කළ නමුත් ඔබටත් කම්කරැ අයිතීන් සදහා ඉල්ලුම් කිරීමට හැකියාව තියෙනවා. සිදු වූ අසාධාරණයන් සදහා සහනයක් ලබාගැනීම. හිග වැටුප්, පාරිතෝෂික (ත්වේචික්ගම්) යොන්චා වැනි කම්කරුවෙකුට හිමිවන අයිතීන් ඔබටත් අයිති විය යුතුයි යන්න කොරියාවේ නීතියයි.

නමුත් ඒ සදහා ඔබ සූදානම් වී සිටිය යුතුයි, ඔබ නීත්‍යානුකූල ලියකියවිලි වල සදහනක් නොමැති හෙයින් ඔබගේ ආරක්ෂාව ඔබ සපුරාලාගන්නේනම් ඔබට නීතියේ ආරක්ෂව ලබාගත හැකියි.
හදිසියේ සේවයෙන් ඉවත් කිරීමකදී හෝ, වැටුප් නොගෙවා සිටීම, පාරිතෝෂික ගෙවීම් (ත්වේචික්ගම්) නොගෙවා සිටීම වැනි අවස්ථාවක පහත සදහන් දේවල් සිදු කර තිබීම වැදගත් වේ.

✅ සේවයට වාර්ථා කිරීම සනාත කළ හැකි සාක්ෂි ළග තබාගන්න (දිනය ස්ථානය සහිත ඡායාරූප, තමන්ගේම දින සටහනක සදහන් කරගත් වේලාවන්, ආයතනයේ සටහන්කාඩ්පතක් ඇත්නම් එහි ඡායාරූප වැනි)
✅ සේවා ස්ථානයේ අවට, නම්පුවරු, තමන් සේවය කරන ආකාරය, ආයතනයේ ප්‍රධානීන් සමග ලබාගත් ඡායාරූප වැනි සාක්ෂි ලෙස ලබාගත හැකි ඡායාරූප ළග තබගන්න.
✅ ඔබට සිදුවන අසාධාරණකම් වීඩියෝපට හෝ හඩපට ලෙස ලගතබාගන්න. (සේවයෙන් ඉවත් කිරීම, පඩි නොදෙනවායැයි දැනුම්දීම, ත්වේචික්ගම් ලබාගන්න බැරි බව දැනුම්දීම, හිරිහැර කිරීම් වැනි)
✅ අත්සන් කිරීමට ලබාදෙන ලේඛන දෙවරක් පරීක්ෂා කරන්න. ඒ මොහොතේම අත්සන් නොකර කොරියන් භාෂාව සහ නීතිමය තත්වයන් පරීක්ෂා කරගත හකි කෙනෙකු හරහා පරීක්ෂා කරගන්න. (අපට සහය විය හැක)

📢 ඔබගේ මාසික වැටුප හෝ තෙජිකම් (පාරිතෝෂික) ලැබුනේ නැද්ද? 💸🇰🇷ඔබගේ මහන්සියට සරිලන මුදල් ලබා ගැනීමට නොහැකිව ඔබ පීඩාවට පත්ව ස...
29/06/2026

📢 ඔබගේ මාසික වැටුප හෝ තෙජිකම් (පාරිතෝෂික) ලැබුනේ නැද්ද? 💸🇰🇷

ඔබගේ මහන්සියට සරිලන මුදල් ලබා ගැනීමට නොහැකිව ඔබ පීඩාවට පත්ව සිටිනවාද? බිය නොවන්න, අපගේ නොමුසා (Certified Labor Consultant) කාර්යාලය ඔබට පිහිට වීමට සූදානම්.

පහත සඳහන් ගැටළු සඳහා නීත්‍යානුකූලව විසඳුම් ලබා දෙන්නෙමු:

✅ නොලැබුණු මාසික වැටුප් : මාස ගණනාවක් වැඩ කරලත් පඩි ලැබුනේ නැද්ද? අපි ඒවා ලබා දීමට කටයුතු කරන්නෙමු.
✅ නොලැබුණු තෙජිකම්: වසරකට වඩා එකම ස්ථානයේ වැඩ කළ ඔබට හිමි විය යුතු තෙජිකම් මුදල අයිතිකරු ලබා නොදෙන්නේ නම්, අපට පවසන්න. (වීසා ඇතිව හෝ නොමැතිව සේවය කළ කාළය සදහා ලබාගත හැක)
✅ වාර්ෂික නිවාඩු දීමනා (Annual Leave Pay - 연차수당) : ඔබ ලබා නොගත් වාර්ෂික නිවාඩු සඳහා හිමි විය යුතු මුදල් (Annual Leave Allowance) නිවැරදිව ගණනය කර ලබා දෙන්නෙමු. (සේවයෙන් ඉවත්වූ ආයතන වල නොගෙවූ යොන්චා)

⚠️ අපගේ කාර්යාලය තෝරාගත යුත්තේ ඇයි?

1️⃣සිංහල භාෂා සේවාව: ශ්‍රී ලාංකිකයෙකු විසින් ඔබගේ ගැටළු සිංහලෙන්ම අසා තේරුම් ගෙන නොමුසා වෙත ඉදිරිපත් කරයි.
2️⃣විශේෂඥ දැනුම: අපගේ කාර්යාලය විශේෂයෙන්ම විදේශිකයන්ගේ වැටුප් ගැටළු පිළිබඳව වසර ගණනාවක පළපුරුද්දක් ඇති කාර්යාලයකි.
3️⃣ ඔන්ලයින් සේවාව: ඔබගේ අප හමුවීමට පැමිණීම අනිවාර්ය නොවේ. ගිවිසුම් අත්සන් කිරීම තොරතුරු ලබාගැනීම වැනි සියළුම දේ ඔන්ලයින් සිදු වනු ඇත.

📍 නොමිලේ උපදෙස් ලබා ගැනීමට අප අමතන්න!
ඔබේ දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල් අතහරින්න එපා. අදම අපව සම්බන්ධ කරගන්න.

📞 දුරකථන අංකය: 010-7289-1345

#කොරියාව #වැටුප් #තෙජිකම් #임금체불 #퇴직금 #연차수당 #노무사사무소 #와이비노무사사무소

කොරියාවේදී සේවය කරනා විට ආයතනයෙන් විවිද ආකාරයේ ලේඛන සකස් කර අත්සන් කරගන්නා අවස්ථා ⁣ඕන තරම් තියෙනවා. අත්සන් කරනවා කියන්නෙ...
16/06/2026

කොරියාවේදී සේවය කරනා විට ආයතනයෙන් විවිද ආකාරයේ ලේඛන සකස් කර අත්සන් කරගන්නා අවස්ථා ⁣ඕන තරම් තියෙනවා. අත්සන් කරනවා කියන්නෙ තමන්ගෙ කැමැත්ත ප්‍රකාශ කරනවා කියන එක. ඒක නිසා අත්සන් කිරීමට පෙර හරියට දැනගෙන අත්සන් කරන්න ඕනෙ.

1️⃣ ඉල්ලා අස්වීමේ ලිපි (사직서)

사직서 එහෙම නැත්තම් ඉල්ලා අස්වීමේ ලිපියක් යනු ස්ව-කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමේදී ලබාදෙන ලිපියක් වන අතර කිසිවෙකුගේ බල කිරීමකට අත්සන් කරන ලිපියක් නොවේ.

ආයතනයකින් ස්ථිර සේවකයෙකු ඉවත් කිරීමටනම් (සේවකයින් ගණන 5කට වැඩි ආයතන) සාධාරණ හේතුවක් තිබිය යුතු වේ. කොරියාවේ මේ සම්බන්ධ නීති ඉතාමත් තදයි. ඒක නිසා ගොඩක් තැන්වලදි ආයතනය කරන්නේ සේවකයාගේන් ඉල්ලා අස්වීමේ ලිපියක් සකස් කරගන්න එක.

ඉතින් මේ ලිවුමට අත්සන් කරන්න ඕනෙද?

"නැහැ" ඉල්ලා අස්වීමේ ලිවුමක⁣ට බලෙන් අත්සන් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නෙ ආයතනයකට සේවකයෙක්ව ඉවත් කරන්න බැහැ කියන එකද? නැහැ "සාධාරණ හේතුවක් ඇතිව, නියමිත පිළිවෙත් අනුගමනය කරමින් සේවයෙන් ඉවත් කරන්න" හැකියාව තියෙනවා.

ඉල්ලා අස්වීමේ ලිවුමකට ලිවුමට අත්සන් කරපු සැනින් ඔබ ඔබගේ කැමැත්තෙන් ස්වේච්ඡාවෙන්ම සේවයෙන් ඉවත් වූවා ලෙස සැළකෙන අතර සේවයෙන් ඉවත් කළා (Dismissal) ලෙස සළකන්න බැහැ. එවිට ඔබට හදිසියේ රැකියා විරහිත වෙලා යෙන අසාධාරණයට අමතරව ඔබට ගන්න පුලුවන් නීතිමය සහන ගොඩක් නැති වෙනවා.

1. අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ අවස්ථාවක එය පැමිණිලි කර ඒ සදහා වන්ධි මුදල් ලබාගත නොහැකි වීම.

2. කොයොංපොහොම් ලියාපදිංචි වී ඇතිනම් ආයතනයේ හේතුවක් මත සේවයෙන් ඉවත්වූ පසු ලබාගත හැකි 실업금여 ලබාගත නොහැකි වීම.

3. ඉවත් කිරීමට දින 30කට පෙර ලිඛිත දැනුම්දීමක් සිදු කළ යුතු අතර මෙය ඉටු නොකළ අවස්ථාවක ලබාගත හැකි වන්ධි මුදල් ලබාගත නොහැකිවීම.

2️⃣ 동의서 එකඟවීමේ ලිපි

මුල් ගිවිසුමේ නැති වෙනත් දෙයක් එකතු කරන්න හෝ මුල් ගිවිසුම වෙනස් කරන්න එකඟවීමේ ලිපි ලබාදෙන්න පුලුවන්. 동의서 වලට හැමවිටකම අත්සන් කරන්න එපා කියනඑක නෙමෙයි. එකඟ වෙන්නෙ මොකටද කියනඑක දැනගෙන එකඟ වෙනවානම් විතරක් අත්සන් කරන්න.

වීසා නැති අයටනම් කරන්න දෙයක් නැතිවට අත්සන් කරන්න වෙන අවස්ථා වැඩි උදාට වීසා තියෙන කෙනෙක්ට තමන් හරියට විස්තරය දැනගෙන අත්සන් කරන්න අයිතියක් තියෙනවා. බලහත්කාරයෙන් අත්සන් කරගන්න කිසිම අයිතියක් නැහැ.

අත්සන තැබූ සැනින් ඔබ එයට එකඟවූවා වෙන නිසා එතනින් එහාට ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න අපහසු වෙනවා.

⚠️️ ලේඛනයේ සඳහන් විස්තරය නොතේරෙනවානම් හෝ නීත්‍යානුකූලභාවය පිලිබඳ ගැටළුවක් තිබේනම් අත්සන් කිරීමට පෙර අප හා සම්බන්ධවන්න. ⚠️️

✅ ආයතනය/ සජංනිම් කෙතරම් විශ්වාසදායී වූවත්, අවස්ථාව කෙතරම් හදිසි අවස්ථාවක් වූවත් අත්සන් තැබීමට ලබාදෙන ලියකියවිල්ලක් වූවත් ඔබ අත්සන් තැබීමට පෙර කාළය රැගෙන හොඳින් කියවා තේරුම්ගෙන අත්සන් කරන්න.

✅ තවද තමන් අත්සන් කරනා ලේඛනයක (ගිවිසුම්, එකඟතා, කැමැත්ත ප්‍රකාශ කිරීම් වැනි) පිටපතක් ලබාගැනීම හෝ ඡායාරෑපයක් ලබාගැනීමට සම්පූර්ණ අයිතියක් ඇති හෙයින් සෑම විටකම පිටපතක් හෝ ඡායාරූපයක් ලඟ තබාගන්න.

✅ කිසිදු අවස්ථාවක හිස් කොළයක අත්සන් නොතබන්න. වීසා ඇතත් නැතත් මේ සඳහා ඔබට සම්පූර්ණ අයිතියක් ඇති අතර ඔබගේ විරෝධතාවය පැහැදිලිව ප්‍රකාශ කරන්න. දිගින් දිගටම හේතුවක් සඳහන් නොකර බලහත්කාරයෙන් අත්සන් තබාගැනීමට තැත්කරන්නේනම් වීඩියෝ සාක්ෂි රැස් කර පොලිසියට හෝ නොදොංචොං එකට පැමිණිලි කළ හැක.

#කම්කරුනීතිය

08/06/2026

ඔබගේ මහන්සියට සරිලන මුදල් ලබා ගැනීමට නොහැකිව ඔබ පීඩාවට පත්ව සිටිනවාද? බිය නොවන්න, අපගේ නොමුසා (Certified Labor Consultant) කාර්යාලය ඔබට පිහිට වීමට සූදානම්.

පහත සඳහන් ගැටළු සඳහා නීත්‍යානුකූලව විසඳුම් ලබා දෙන්නෙමු:

✅ නොලැබුණු මාසික වැටුප් : මාස ගණනාවක් වැඩ කරලත් පඩි ලැබුනේ නැද්ද? අපි ඒවා ලබා දීමට කටයුතු කරන්නෙමු.
✅ නොලැබුණු තෙජිකම්: වසරකට වඩා එකම ස්ථානයේ වැඩ කළ ඔබට හිමි විය යුතු තෙජිකම් මුදල අයිතිකරු ලබා නොදෙන්නේ නම්, අපට පවසන්න. (වීසා ඇතිව හෝ නොමැතිව සේවය කළ කාළය සදහා ලබාගත හැක)
✅ වාර්ෂික නිවාඩු දීමනා (Annual Leave Pay - 연차수당) : ඔබ ලබා නොගත් වාර්ෂික නිවාඩු සඳහා හිමි විය යුතු මුදල් (Annual Leave Allowance) නිවැරදිව ගණනය කර ලබා දෙන්නෙමු. (සේවයෙන් ඉවත්වූ ආයතන වල නොගෙවූ යොන්චා)

දුරකථන අංකය: 010-7289-1345

📢 ඔබගේ මාසික වැටුප හෝ තෙජිකම් (පාරිතෝෂික) ලැබුනේ නැද්ද? 💸🇰🇷ඔබගේ මහන්සියට සරිලන මුදල් ලබා ගැනීමට නොහැකිව ඔබ පීඩාවට පත්ව ස...
02/06/2026

📢 ඔබගේ මාසික වැටුප හෝ තෙජිකම් (පාරිතෝෂික) ලැබුනේ නැද්ද? 💸🇰🇷

ඔබගේ මහන්සියට සරිලන මුදල් ලබා ගැනීමට නොහැකිව ඔබ පීඩාවට පත්ව සිටිනවාද? බිය නොවන්න, අපගේ නොමුසා (Certified Labor Consultant) කාර්යාලය ඔබට පිහිට වීමට සූදානම්.

පහත සඳහන් ගැටළු සඳහා නීත්‍යානුකූලව විසඳුම් ලබා දෙන්නෙමු:
✅ නොලැබුණු මාසික වැටුප් : මාස ගණනාවක් වැඩ කරලත් පඩි ලැබුනේ නැද්ද? අපි ඒවා ලබා දීමට කටයුතු කරන්නෙමු.
✅ නොලැබුණු තෙජිකම්: වසරකට වඩා එකම ස්ථානයේ වැඩ කළ ඔබට හිමි විය යුතු තෙජිකම් මුදල අයිතිකරු ලබා නොදෙන්නේ නම්, අපට පවසන්න. (වීසා ඇතිව හෝ නොමැතිව සේවය කළ කාළය සදහා ලබාගත හැක)
✅ වාර්ෂික නිවාඩු දීමනා (Annual Leave Pay - 연차수당) : ඔබ ලබා නොගත් වාර්ෂික නිවාඩු සඳහා හිමි විය යුතු මුදල් (Annual Leave Allowance) නිවැරදිව ගණනය කර ලබා දෙන්නෙමු. (සේවයෙන් ඉවත්වූ ආයතන වල නොගෙවූ යොන්චා)

⚠️ අපගේ කාර්යාලය තෝරාගත යුත්තේ ඇයි?
1️⃣සිංහල භාෂා සේවාව: ශ්‍රී ලාංකිකයෙකු විසින් ඔබගේ ගැටළු සිංහලෙන්ම අසා තේරුම් ගෙන නොමුසා වෙත ඉදිරිපත් කරයි.
2️⃣විශේෂඥ දැනුම: අපගේ කාර්යාලය විශේෂයෙන්ම විදේශිකයන්ගේ වැටුප් ගැටළු පිළිබඳව වසර ගණනාවක පළපුරුද්දක් ඇති කාර්යාලයකි.
3️⃣ ඔන්ලයින් සේවාව: ඔබගේ අප හමුවීමට පැමිණීම අනිවාර්ය නොවේ. ගිවිසුම් අත්සන් කිරීම තොරතුරු ලබාගැනීම වැනි සියළුම දේ ඔන්ලයින් සිදු වනු ඇත.

නොමිලේ උපදෙස් ලබා ගැනීමට අප අමතන්න!
📞 දුරකථන අංකය: 010-7289-1345

#කොරියාව #වැටුප් #තෙජිකම් #임금체불 #퇴직금 #연차수당 #노무사사무소 #와이비노무사사무소

Address

중구 세종대로 72 대영빌딩 504호
Seoul
04526

Alerts

Be the first to know and let us send you an email when LABOR and VISA WhyBe - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category