ITAL LANKA

ITAL LANKA ITAL LANKA è un Associazione Onlus costituito da italo-sri lankesi di seconda e terza generazione.

ITAL LANKA යනු ඉතාලියේ නීති උපාධිධාරීන් සහ නීති ක්ෂේස්ත්රයේ තරුණ ප්‍රජාව විසින් සකස් කරනු ලැබූ ලිපි පල කරණ Facebook පිටුවක් වන අතර මෙහි පලවන ලිපි දැනුම් දීමකින් තොරව උපුටාගැනිම තහනමි බව මෙයින් දන්වමු. තවද ITAL LANKA යනු ඉතාලි රජයේ ලියාපදිංචි ස්වෙච්ඡා සංගමයක් වන අතර මෙහි ප්‍රධාන අරමුණ වනුයේ ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් සහ විදේශිකයන් හට නිවැරදි තොරතුරු ලබා දීමයි. ITAL LANKA has been formed by a

group of people in order "to pursue a common not-for-profit goal. This nonprofit organization is dedicated to furthering a particular social cause or advocating for a particular point of view. Provides information, documents and news on how to "live and work in Italy". The portal aims to facilitate access to all services offered on the territory, ensuring correct information of foreign citizens.

29/05/2026
10/05/2026

🌸 මවු පදවිය සහ "සම්මතයේ" සිරගෙය ❤️

සෑම වසරකම ලෝක මව්වරුන්ගේ දිනය උදා වූ විට, සමාජ මාධ්‍ය ජාල සහ පුවත්පත් පිටු පිරී යන්නේ අම්මා සර්ව සම්පූර්ණ දේවතාවියකගේ මට්ටමට ඔසවා තැබෙන නිර්මාණවලිනි.

ඇය වැරදි නොකරන, සියල්ල ඉවසන, දේව භක්තියෙන් පිදිය යුතු චරිතයක් ලෙස අර්ථකථනය කෙරේ. නමුත් මෙම වර්ණනා අස්සේ අමතක කරනු ලබන, එහෙත් පිළිගත යුතු බරපතළ සත්‍යයක් තිබේ.

එනම් අම්මා යනුත් සාමාන්‍ය මනුෂ්‍යයෙකි යන්නයි.

කාන්තාවක් මවක් වූ පමණින් ඇය තුළ ඇති මානුෂීය දුර්වලතා මැකී යන්නේ නැත. මව් පදවිය යනු කිසිවෙකු "සාන්තුවරයෙකු" බවට පත් කරන මැජික් යන්ත්‍රයක් නොවේ.

ඕනෑම පෘථග්ජන මනුෂ්‍යයෙකුට මෙන්ම මවකට ද ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හෝ ආත්මාර්ථකාමිත්වය ඇති විය හැකිය.

මවක් ද වැරදි තීන්දු තීරණ ගන්නා, දුර්වලතා සහිත තමන්ටම අනන්‍යවූ අශාවන් සහ සිහින දකින සාමාන්‍ය ගැහැනියක බව පිළිගැනීම ඇයට කරන අපහාසයක් නොව, ඇයගේ මනුෂ්‍යත්වයට කරන ගෞරවයකි.

අම්මා කෙනෙකුට ආදරය කළ යුත්තේ ඇය "දේවතාවියක්" නිසා නොවේ. ඇයද ලෙයින් මසින් හැදුණු, වැරදි කරන, දුර්වලතා සහිත මනුෂ්‍යයෙකු නිසාය. ඇය තුළ ඇති කළු සහ සුදු යන දෙපැත්තම හඳුනාගෙන, ඇයගේ මනුෂ්‍යත්වයට ආදරය කිරීම සැබෑ පරිණතභාවයයි.

අම්මාව දේවත්වයේ තබා රවටනවාට වඩා, ඇයගේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීම වඩාත් වටින්නේ නැද්ද?

ඇය ද වැරදි කළ හැකි ගැහැනියක බව පිළිගැනීම, වඩාත් යථාර්ථවාදී සහ සෞඛ්‍ය සම්පන්න දාරක ප්‍රේමයකට මඟ පාදනු ඇත.

අම්මාද තමාටම අනන්‍ය වූ සිතුවිලි සහ හැගීම් සහිත 'නිදහස් ගැහැනියක' බව හඳුනාගන්නා අරුත්බර යථාර්ථවාදී මව්වරුන්ගේ දිනයක් වේවා!

සචිනි වර්ණකුලසූරිය

25/04/2026

🇮🇹 හදවතින්ම සමරන නිදහස: අප්‍රේල් 25 සහ ශ්‍රී ලාංකික අභිමානය 🇱🇰

සුභ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට,
අද 2026 අප්‍රේල් 25 වෙනිදා. ඉතාලිය පුරා නිදහසේ සුවඳ විහිදෙන අභිමානයෙන් සමරන "විමුක්ති දිනය." "Festa della Liberazione" අදයි.
රෝමයේ හදවත බඳු Piazza Venezia හි පිහිටි ඒ මහා මන්දිරය, එනම් Altare della Patria (Vittoriano) අද දින ඉතාලි ජාතික කොඩියේ වර්ණවලින් හැඩවී, ගුවන් හමුදා සංදර්ශන මැද අද දින ඒ ස්මාරකය බැබළෙන්නේ නිකම්ම නොවේ. එහි තැන්පත් කර ඇති "නන්නාදුනන සෙබළාගේ" (Milite Ignoto) සොහොන අපට සිහිපත් කරන්නේ, අද අප භුක්ති විඳින නිදහස වෙනුවෙන් නම පවා ඉතිරි නොකර ජීවිත පූජා කළ විරුවන් ගැනයි.
දස දහස් ගව්වක් ඈතින් හීන පස්සේ හඹා ආපු ශ්‍රී ලාංකිකයින්ට "නිදහස" කියන වචනයට තියෙන්නේ හරිම ගැඹුරු අර්ථයක්. පෙබරවාරි 4 වෙනිදා සිංහ ධජය ඔසවලා ලංකාවේ නිදහස සමරනකොට ඇසට කඳුලක් එන ඒ හැඟීමමයි, අද ඉතාලි ජාතිකයන් මේ රට ගැනත් විඳින්නේ.
අපි අද මේ ගෙවන නිදහස් ජීවිතය, අපේ දරුවන්ට ලැබෙන අධ්‍යාපනය, අපිට ලැබෙන නීතිමය රැකවරණය මේ හැමදේකම පදනම වැටුණේ 1945 අප්‍රේල් 25 වෙනිදා. එදා ඉතාලි විරුවන් තමන්ගේ ජීවිත පූජා කරලා මේ රට මුදා ගත්තේ නැත්නම්, අද අපි මේ අත්විඳින මානුෂීය අයිතිවාසිකම් සහ ගෞරවය අපිට නොලැබෙන්න තිබුණා.
එකම හදගැස්මක් ශ්‍රී ලංකාවත් ඉතාලියත් කියන්නේ. නිදහස වෙනුවෙන් ලේ, කඳුළු හලපු රටවල් දෙකක්. ශ්‍රී ලංකාවේ නිදහස් සටන ජාතික අනන්‍යතාවය රැක දුන්නා.
ඉතාලියේ මේ නිදහස් සටන මේ රටේ ජීවත් වන මිනිසුන්ට මේ රටේ නීතිය ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පාර හැදුවා. ඉතාලි ව්‍යවස්ථාව ලියවිලා තියෙන්නේ මනුෂ්‍යත්වයට ගරු කරන, නිදහස අගය කරන ලේ වලින්. අන්න ඒ නිදහස නිසාමයි අද අපිට මේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ශ්‍රී ලාංකිකයින් ඉතාලියට ආවේ අමුත්තන් විදිහට වෙන්න පුළුවන්. ඒත් අද අපි හැමෝම මේ රටේ ආර්ථිකයේ සහ සමාජයේ කොටස්කරුවන්. අපේ මව්බිමට ශ්‍රී ලංකාවට ආදරය කරන ගමන්ම, අපිට ජීවිතය දුන්න, අපේ ඉදිරි පරම්පරාවන් හට අනාගතය හදන මේ ඉතාලි මව්බිමේ නිදහසටත් අපි හදවතින්ම ගරු කරමු.
රටවල් දෙකකට ආදරය කරන, හදවතින්ම නිදහස අගය කරන ඔබ සැමට අභිමානවත් විමුක්ති දිනයක් ප්‍රාර්ථනා කරනවා!
නීතියේ රැකවරණය සහ මනුෂ්‍යත්වයේ ගෞරවය සැමට ලැබේවා.
සචිනි වර්ණකුලසූරිය

Indirizzo

Verona
37126

Orario di apertura

Lunedì 13:00 - 18:00
Martedì 13:00 - 18:00
Mercoledì 13:00 - 18:00
Giovedì 13:00 - 18:00
Venerdì 15:00 - 18:00

Telefono

+393886279735

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando ITAL LANKA pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a ITAL LANKA:

Condividi