08/06/2025
🇮🇹 Decreto Flussi - ඉතාලියේ විදේශික සේවක ඇතුළත් කිරීමේ නීතියේ ඉතිහාසය
Decreto Flussi යනුවෙන් හඳුන්වන්නේ "Decreto del Flusso di Ingresso dei Lavoratori Stranieri" යන නීතියේ කෙටි නාමයයි. මෙය සරල වශයෙන් කියනවානම්, ඉතාලියේ විදේශිකයන්ට රැකියාවක් සඳහා අවශ්‍ය වීසා නිකුත් කරන නීතිමය පදනමක් ලෙස ක්‍රියා කරන සංවිධානාත්මක පද්ධතියකි. මේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතාලි රජය විසින්ය.
මෙම නීතිය මඟින් විදේශිකයන්ට ස්පෝන්සර් වීසා සහ වතුවීසා වැනි ප්‍රවේශ මාර්ග ලබාදෙන අතර, නියමිත කෝටා සීමාවන්ට යටත්ව විශේෂිත කාර්ය මණ්ඩල අංශ සඳහා ඇතුළත් වීමේ අවසර හිමිවේ.
📜 Decreto Flussi නීතියේ ආරම්භය සහ සංවර්ධනය
1998: මේ නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක වුණේ Turco–Napolitano නීතිය මගිනි. ඒ වසරේදී 58,000ක් පමණ විදේශිකයන්ට ඇතුළත් වීමේ අවසර හිමිවිය.
2002: “Bossi-Fini Law” නමින් නව සංශෝධන සමඟ, Decreto Flussi නීතිය තවත් පද්ධතිමය විය.
🗓️ වර්ෂ අනුව ඇතුළත් වූ විදේශිකයන්ගේ සංඛ්‍යාව (කිසියම් වර්ෂවල ගණන් ඇස්තමේන්තු පදනම්වය)
1998 - 58,000 (පළමු වරට)
1999 - 58,000
2000 - 63,000
2001 - 89,400
2002 - 79,500
2003 - 79,500
2004 - 115,500
2005 - 179,000
2006 - 250,000 - 370,000 (ඉතාලියට විදේශිකයන් වැඩිම පිරිසක් ඇතුළත් වූ වසර)
2007 - 237,175
✳️ 2006 - 2007: මෙම වසරවලදී නීතියෙහි විශේෂ විවෘතකමක් නිසා, වසරකට ලක්ෂ 5කට ආසන්න අයදුම්පත් ලැබුණු බව සඳහන් වේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මෙම අවස්ථාවෙන් ඉතාලියට පැමිණ ඇත. මෙය Romano Prodi ආණ්ඩුව යටතේ සිදු විය.
📉 2010 පසු වසරවල සීමිත නීති ක්‍රමය
2010 සිට 2021 දක්වා, Decreto Flussi නීතිය ක්‍රියාත්මක වුණද, එය සීමිත අංශ සඳහා පමණක් ආවරණය විය. විශේෂයෙන්: කෘෂිකර්මය ,සංචාරක කර්මාන්තය
මෙම කාලය තුළ නීතියේ විවෘත භාවය ගොඩක් අඩු විය.
📈 2022 සිට නව අංශ සඳහා විවෘතවීම
2022 වසරේදී Decreto Flussi නීතිය යළි විශාල කිරීමකට ලක් විය. නව අංශ කිහිපයක් මෙම ක්‍රමය යටතට ගන්නා ලදී: මාර්ග ප්‍රවාහන සේවා (Freight Transport) ඉදිකිරීම් (Construction), සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය, යන්ත්‍රෝපකරණ (Mechanical), දුරකථන සන්නිවේදනය (Telecommunications), ආහාර නිෂ්පාදනය
2026: තවමත් නව නීති පිළිබඳ නිල තොරතුරු නොමැත
💬 නිමාවට
1998 සිට 2025 දක්වා මෙම නීතිය හරහා, මා ඇතුළුව බොහෝ දෙනෙකුගේ ජීවිත සාර්ථක මංපෙත් එක්ක අලුත් විය. Decreto Flussi යනු, ඉතාලියට ආගමනය කිරීමට, නීත්‍යනුකූලව රැකියාවක් කිරීමට, සහ අනාගතය ගොඩනැගීමට වටිනා අවස්ථාවක් ලබාදෙන ජාතික වැඩසටහනකි.