13/11/2017
වසර 2019 දී ඔබ සැමට ඉතාලි රියදුරු බලපත්‍රය
ඉතාලියේ ජිවත් වන බහුතරයක් ශ්‍රී ලාංකිකයන් හට ඉතාලි භාෂාව ක්ෂණිකව සහ නිවැරිදිව අවබෝධ කර ගැනීමේ ප්‍රායෝගික ගැටලුව හේතුකොටගෙන නව ඉතාලි රියදුරු බලපත්‍රය සඳහා වන පරිගනුකාසාරයෙන් පවත්වන නව විභාගය සමත් වීම ඉතාමත්ම අපහසු කාර්යයකි.
එබැවින් මෙම රියදුරු බලපත්‍රය පරිවර්තන නීතියට අනුව ඉතාලි රියදුරු බලපත්‍රය ඉල්ලුම් කිරීමට නොහැකි වූ සහ නොහැකි වන ශ්‍රී ලාංකිකයන් හට ඉතාලි රියදුරු බලපත්‍රය ය ඉල්ලුම් කිරීම සඳහා දැනට පවතින පවතින නීතිය සංශෝධනය කිරීමට හෝ ලිහිල් කිරීමට නීති මගින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම. මේ සඳහා ACIT අප දැනටමත් නීති විශාරදයන් සහ ඉතාලි රජයේ අදාළ අංශ සමග සාකච්චා කිරිමට අවශ්‍ය කටයතු යොදා ඇත. ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් අප සංවිධානය කිරීමට අදහස් කරන මේ මහඟු කාර්යය උදෙසා ඔබගේ දායකත්වය සහ සහයෝගය අපේක්ෂා කරමු.
ඉතාලි භාෂා ප්‍රවීණතාවය පිලිබඳ ප්‍රායෝගික ගැටලුව හේතු කොටගෙන ඉතාලි රියදුරු බලපත්‍රය සඳහා වන පරිගනුකාසාරයෙන් පවත්වන නව විභාගය කිසිදා සමත් වීමට නොහැකි ඔබ හට මෙම සේවාව ඉමහත් සහනයක් වනවා නොඅනුමානය. වර්ෂ 2019 අවසන් වීමට පෙර ඉතාලියේ අදාළ අංශ සහ ආයතන සමග නීති මගින් ගනු දෙනු කර ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර හිමි සෑම දෙනා හටම ඉතාලියේ RESIDENCE දමන දිනය බාධාවක් නොවී ඉතාලි රියදුරු බලපත්‍රය මෙම පරිවර්තන නීතිය යටතේ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු නිවැරිදිව සම්පාදනය කිරීම අපගේ අරමුණයි. මෙම පීඩාව සහනයක් කර ගැනීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයන් හට අප හා සම්බන්ධ විය හැක. අප නිරතුරුවම ඔබට සහන සැලසීම සඳහා ඇප කැපවී සිටිමු.
ශ්‍රී ලංකා රජය හෝ රෝමයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිවෙක් ශ්‍රී ලාංකික ඔබගේ කිසිදු ඉල්ලීමක් වෙනුවන් අරගල නොකරති. සටන් නොකරති. අඩුම තරමේ අදාළ ඉතාලි ආයතන සමග කතාවත් නොකරති. ඉතාලි රජයෙන් ශ්‍රී ලාංකිකයන් හට නොමිලේ දෙන දෙය වත් ඉතාලියේ රැකියා කරමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභ සාධනය උදෙසා අවම ලෙසවත් කළමනාකරණය නොකරති. ඔවුන්ගේ පරම කාර්යය වන්නේ ඔබ දුක් මහන්සියෙන් උපයන ධනය නොයෙකුත් ක්‍රම හරහා ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා ඉතාමත් අසාධාරණ ලෙස සූරා කෑම පමණයි. තවද චිරාත් කාලයක් පැවති මෙම ජරා ජීර්ණ වූ තානාපති ප්‍රතිපත්තීන් හෙතුකොටගෙන අද වෙනකොට ඉතාලියේ කිසිදු රාජ්‍ය ආයතනයක් රෝමයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කර නිකුත් කරන කිසිදු ලියවිල්ලක් පිළිගන්නේ නැති තත්වයකට පත්ව ඇත. අද වෙන කොට සියලුම ලියකියවිලි කොළඹ තිබෙන ඉතාලි තානාපති කාර්යාලය හරහා සහතික කිරීම අනිවාර්ය කර ඇත. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කරන ලියකිවිලි වල විශ්වාසවන්තභාවය පිළිබඳ ඉතාමත් කනගාටු දායක තත්වය මෙයයි. මෙම තත්වය හේතුකොටගෙන ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන් හට තම සියලුම වැදගත් ලියකියවිලි කොළබ තිබෙන ඉතාලි තානාපති කාර්යාලය හරහා පමණක්ම සහතික කිරීම අනිවාර්ය කර ඇත. එබැවින් අද වෙන කොට දුෂිත තානාපති අංශ වල වැරදි සහ දුර්වල කම් නිසා ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයන් හට අත්වි තිබෙන ඉරණම ඉතාමත් කනගාටු දායකය.
තවද මෙමගින් ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු විශාල අරමුදලක් ශ්‍රී ලංකා තානාපති අංශ වල දුර්වලතා හේතුකොටගෙන දිනපතාම අහිමි වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන මෙම පාඩුව පිලිබඳ කනගාටු දායක තත්වය සමනය කරගැනීම පිළිබඳවද අප ACIT සංවිධානය අදාළ රජයන් සමග සාකච්චා කිරීමටද කටයුතු යොදා ඇත.
ACIT සංවිධානයේ අපි, ඉතාලියේ ජිවත් වන ඔබ සැම සැබෑ ලෙසම ඉතාලි ජීවිතය තුල පිඩාවට පත්ව ඇති ගැටළු නිරාකරණය කර ගැනීම උදෙසා සටන් කරමු. අරගල කරමු. ඒ සඳහා අවශ්‍ය ඉතාලි නීති විසේසඥ උපදෙස් සමගින් ඉල්ලීම් දිනා ගැනීම උදෙසා නායකත්වය සපයමු. එමෙන්ම මෙම ඉල්ලීම් දිනා ගැනීම උදෙසා මේ සටනට පන්නරය සහ ජිවය දිය යුත්තේ නිරතුරුවම පිඩාවට පත්ව ඇති ශ්‍රී ලාංකික ඔබ පමණි. එන්න අප හා එක් වන්න අප ACIT සංවිධානයේ සාමාජිකත්වය ගෙන ඔබේ අයිතීන් වෙනුවෙන් අප කරන මෙම සටන මුවහත් කරන්න.
13/11/2017 - ACIT සංවිධානය, රෝමය, ඉතාලිය