Europe බෝඩරේ - France

Europe බෝඩරේ - France

18/08/2026
Ofpra ආයතනයේ ප්‍රධාන කාර්යාලය 2027 වසරේ මුලදී නව පරිශ්‍රයකට රැගෙන යාමට කටයුතු සූදානම් කර තිබේ. කෙසේ වුවද, නව කාර්යාලය ද ...
15/07/2026

Ofpra ආයතනයේ ප්‍රධාන කාර්යාලය 2027 වසරේ මුලදී නව පරිශ්‍රයකට රැගෙන යාමට කටයුතු සූදානම් කර තිබේ.

කෙසේ වුවද, නව කාර්යාලය ද Fontenay-sous-Bois නගරයේම පිහිටුවීමට තීරණය කර ඇත.

​වසර 20කට අධික කාලයක් පැවති වත්මන් "Périgares" පරිශ්‍රයෙන් ඉවත්වන Ofpra ආයතනය, සිය නව මූලස්ථානය සඳහා වර්ග මීටර් 21,130 කින් යුත් "Joya" ගොඩනැගිල්ල බදු පදනමක් මත ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

​මෙම නව ව්‍යාපෘතිය හරහා ප්‍රධාන අරමුණු 4ක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ:

● ​සේවාලාභීන්ට වඩාත් හිතකාමී පිළිගැනීමක්: දිනකට පැමිණෙන 600කට අධික සේවාලාභීන් සඳහා, විශේෂයෙන්ම කුඩා දරුවන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ වීමේ පහසුකම් වැඩිදියුණු කෙරේ.

● ​කාර්ය මණ්ඩලයට ගුණාත්මක සේවා පරිසරයක්: එහි සේවය කරන 1,113 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට වඩාත් සංවිධානාත්මක සේවා අවකාශයන්, ආරක්ෂිත පරිසරයක් සහ විවේකී පහසුකම් හිමිවේ.

● ​පරිසර හිතකාමී පියවරක්: 2023 දී ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල ඉහළම පාරිසරික සහතිකයන්ගෙන් (BREEAM "Excellent", HQE Excellent) පිදුම් ලැබූවකි.

● ​ලේඛනාගාරය සුරැකීම: 1920 දශකය දක්වා දිවෙන Ofpra ආයතනයේ කිලෝමීටර් 13කට අධික දිගින් යුත් ඓතිහාසික ලිපිගොනු සහ ලේඛනාගාරය මෙම නව පරිශ්‍රය තුළ වඩාත් ආරක්ෂිතව තැන්පත් කෙරේ.

​ප්‍රවාහන පහසුකම් අතින් (RER A සහ E දුම්රිය මාර්ග, Metro 1, 15 සහ T1 ට්‍රෑම් රථ සේවාවන් හරහා) ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි මෙම නව කාර්යාලය පිහිටා තිබේ.

​අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන, Ofpra හි සේවක මණ්ඩලය සහ සේවාලාභී කමිටුවල සක්‍රීය සහයෝගීතාවය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

🔥🇫🇷 ෆොන්ටෙන්බ්ලෝ (Fontainebleau) වනය ගිනිගෙන දැවෙයි...ජූලි 12 සිට ඇරඹුණු දැවැන්ත වන ගින්න, අද (ජූලි 14) වන විටත් සම්පූර්...
14/07/2026

🔥🇫🇷 ෆොන්ටෙන්බ්ලෝ (Fontainebleau) වනය ගිනිගෙන දැවෙයි...

ජූලි 12 සිට ඇරඹුණු දැවැන්ත වන ගින්න, අද (ජූලි 14) වන විටත් සම්පූර්ණයෙන් පාලනය කර නොමැත.

මෙතෙක් හෙක්ටයාර 1,900කට අධික භූමි ප්‍රමාණයක්, එනම් අක්කර 4,700කට ආසන්න වනාන්තරයක් ගින්නෙන් විනාශ වී තිබේ. මෙය ඉල්-ද-ෆ්‍රාන්ස් කලාපයේ ජනප්‍රියම වනාන්තරවලින් එකකි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් භටයින් 850 දෙනෙකු, Canadair ගුවන් යානා 4ක් සහ තවත් විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. සිය ගණනක් ජනතාව ආරක්ෂාව සඳහා ඉවත් කර ඇති අතර ප්‍රධාන මාර්ග කිහිපයක්ද වසා දමා ඇත.

මේ ගින්නෙන් අහිමි වූයේ ගස් පමණක් නොවේ... 🥺
නිවෙස් අහිමි වූ සතුන්, කුරුල්ලන් සහ වනයේ ජීවත් වූ අහිංසක ජීවිත රැසක්ද අපට නැවත ලබා ගත නොහැක.

🙏 ඒ සියලු සත්ව ජීවිත වෙනුවෙන් මොහොතක් නිහඬව සිහිපත් කරමු.

❤️ තම ජීවිත පරදුවට තබා දින ගණනාවක් තිස්සේ ගින්න සමඟ සටන් කරන සියලුම ගිනි නිවීම් භටයින්ට අපගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමු.

🌿 සොබාදහම ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමයි.

ප්‍රංශයේ Sri Lanka තානාපති කාර්යාලය සහ Visa නොමැතිව Passport ලබාගැනීමට සිටින අයැදුම්කරුවන් මුහුණ දෙන ගැටලුවට මානුෂීය හා ...
12/07/2026

ප්‍රංශයේ Sri Lanka තානාපති කාර්යාලය සහ Visa නොමැතිව Passport ලබාගැනීමට සිටින අයැදුම්කරුවන් මුහුණ දෙන ගැටලුවට මානුෂීය හා නීත්‍යානුකූල විසඳුමක්.

​විදේශගතව වෙසෙන, විශේෂයෙන්ම යුරෝපා රටවල වීසා නොමැතිව හෝ සරණාගතභාවය (Asylum) ප්‍රතික්ෂේප වී දැඩි අසරණභාවයට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර (Passport) අලුත් කිරීමේදී දැනට මතුව ඇත්තේ ඉතා සංවේදී අර්බුදකාරී තත්ත්වයකි.

මෙහිදී අපගේ අරමුණ තානාපති කාර්යාල නිලධාරීන් අපහසුතාවට පත් කිරීම නොව, රාජ්‍ය ආරක්ෂාව මෙන්ම සැමට පහසු නීත්‍යානුකූල සේවාවක් ලබාගැනීමට ඇති පුරවැසි අයිතිය මානුෂීය මුහුණුවරකින් තහවුරු කිරීමය.

මේ සඳහා දෙපාර්ශවයටම සාධාරණ නීත්‍යානුකූල විසඳුමක් ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළම දැනටමත් පවතී.

​ප්‍රංශයේ තානාපති කාර්යාල නිලධාරීන් විසින් විසා නොමැති අයැදුම්කරුවන්ගෙන් "Asylum Refusal Letter" (සරණාගතභාවය ප්‍රතික්ෂේප වූ ලිපිය) ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය ඉල්ලා සිටියි. නමුත් යුරෝපා නීතිය, UNHCR Handbook සහ Confidentiality Principles (රහස්‍යතා ප්‍රතිපත්ති) මෙන්ම 1963 Vienna Convention on Consular Relations (Article 5) ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, රැකවරණ ඉල්ලුම්කරුවෙකුගේ ප්‍රකාශ සහ ලේඛන ඔවුන්ගේ එකඟතාවයකින් තොරව මූලාරම්භක රටේ රජයට හෝ එහි නියෝජිතයන්ට හෙළි නොකිරීම මූලික ප්‍රතිපත්තියකි.

එවැනි සංවේදී ලේඛන බලහත්කාරයෙන් ඉල්ලා සිටීම ජාත්‍යන්තර රහස්‍යතා නීති උල්ලංඝනය කිරීමක් වන අතර, අයැදුම්කරුගේ සහ ඔහුගේ පවුලේ අයගේ ආරක්ෂාවටද එය තර්ජනයක් විය හැක.

​මීට ඇති හොඳම සහ එකම නීත්‍යානුකූල විසඳුම වන්නේ "දිවුරුම් ප්‍රකාශයක්" (Affidavit) ඉදිරිපත් කිරීම සහ එය තානාපති කාර්යාල විසින් පිළිගැනීමයි.

​1. දිවුරුම් ප්‍රකාශයක ඇති නීතිමය වලංගුභාවය (The Legal Validity)
​ශ්‍රී ලංකා නීතියට අනුව, යම් කරුණක් සනාථ කිරීමට නිල ලේඛන නොමැති අවස්ථාවක හෝ විදේශීය ලේඛනවල රහස්‍යභාවය රැකගත යුතු අවස්ථාවක, ඒ වෙනුවට නීත්‍යානුකූල සාක්ෂියක් ලෙස දිවුරුම් ප්‍රකාශයක් භාවිතා කළ හැක.

​අදාළ පනත් සහ නීතිමය රාමුව: 1971 අංක 23 දරන දිවුරුම් ප්‍රකාශ සහ අභිචෝදනා පනත (Oaths and Affirmations Act), Oaths Ordinance (දිවුරුම් ආඥාපනත) සහ 1981 අංක 4 දරන Consular Functions Act (විදේශ දූත මණ්ඩල නිලධාරී පනත).

​නීතිමය ප්‍රතිපාදන: මෙම පනත්වලට අනුව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක සිටින "තානාපති නිලධාරියෙකු" (Consular Officer / Diplomatic Agent) ඉදිරියේ සාක්ෂිකරුවෙකු විසින් සහතික කරනු ලබන දිවුරුම් ප්‍රකාශයක්, ශ්‍රී ලංකාවේ අධිකරණයකදී හෝ ඕනෑම රාජ්‍ය ආයතනයකදී (ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළුව) නිල සාක්ෂියක් ලෙස පිළිගැනීමට නීතියෙන් බලය පවරා ඇත.

​විසඳුම: අයැදුම්කරු විසින් තමන් වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන නැති බවත්, තමන්ගේ Asylum ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවත් මෙම පනත් යටතේ දිවුරුම් දී ප්‍රකාශ කරන විට, තානාපති කාර්යාලයට එය නිල ලේඛනයක් ලෙස භාරගත හැක.

​2. දෙපාර්ශවයටම මෙයින් ලැබෙන මානුෂීය සහ නීතිමය වාසි
​මෙම දිවුරුම් ප්‍රකාශ ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පාර්ශව දෙකටම පොදු එකඟතාවයකට පැමිණිය හැක:

​අයැදුම්කරුගේ පැත්තෙන් ලැබෙන මානුෂීය සහනය: 1951 ජිනීවා සම්මුතියට අනුව රැකවරණ ඉල්ලුම්කරුවෙකුගේ තොරතුරු මව් රටේ රජයට හෙළි නොකිරීමේ අයිතිය (Confidentiality) සුරැකේ. තමන්ගේ මුළු සරණාගත කතාවම (Asylum Story) අඩංගු සංවේදී ලිපිය තානාපති කාර්යාලයට දීමට සිදු නොවන නිසා තමන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව තහවුරු වේ.

​තානාපති කාර්යාලයේ පැත්තෙන් නීතිමය ආවරණය: ආගමන විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන "අයැදුම්කරු වෙනත් රටක පුරවැසියෙකු වී නැත" යන කරුණ නීත්‍යානුකූලව තහවුරු කරගැනීමට අවශ්‍ය සාක්ෂිය (Proof) ලැබෙයි. යම් හෙයකින් අයැදුම්කරු බොරු ප්‍රකාශයක් කර තිබුණහොත්, මෙම පනත යටතේ ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ පූර්ණ බලය රජයට හිමිවේ.
Refugee තත්ත්වය යටතේ ඉන්නා පුද්ගලයෙක් එවැනි සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඇත්නම් ජිනීවා සම්මුතියේ 1, සී වගන්තිය මගින් අර්ථ දක්වා ඇති පරිදි, සරණාගත තත්ත්වය ඉවත් කල හැකිය.

​3. පුරවැසි පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇති අනුකූලතාවය

​අදාළ පනත: 1948 අංක 18 දරන පුරවැසි පනත (Citizenship Act) - Part IV (Sections 19–22).

​නීතිමය ප්‍රතිපාදන: මෙම පනතේ 19 සහ 20 වගන්තිවලට අනුව ශ්‍රී ලාංකිකයෙකුගේ පුරවැසිභාවය අහෝසි වන්නේ ඔහු/ඇය වෙනත් රටක "පුරවැසිභාවය" (Citizenship) ලබාගත්තොත් පමණි. වීසා නොමැතිවීම පුරවැසිභාවය අහෝසි වීමට නීත්‍යානුකූල හේතුවක් නොවේ.

​ව්‍යවස්ථාපිත අයිතිය: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය (සමානත්වයේ අයිතිය) සහ 14(1)(i) වගන්තිය ප්‍රකාරව සෑම පුරවැසියෙකුටම තමන්ගේ මව් රටේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ මූලික අයිතිය ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ Wimal Fernando vs. Passport Officer & Others නඩු තීන්දුවේදීද තහවුරු කර ඇත්තේ ගමන් බලපත්‍රයක් ලබාගැනීම රජයෙන් දෙන වරප්‍රසාදයක් නොව පුරවැසියාගේ මූලික අයිතිවාසිකමක් බවයි.

​විසඳුම: දිවුරුම් ප්‍රකාශය මගින් අයැදුම්කරු සහතික කරන්නේ තමන් පුරවැසි පනතේ 19 සහ 20 වගන්ති උල්ලංඝනය කර නොමැති බවයි. එම නිසා, තානාපති කාර්යාලයට 1948 ආගමන හා විගමන පනත ප්‍රකාරව අදාළ පුද්ගලයාට නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පූර්ණ නීතිමය අවකාශය සැලසේ.

​4. යෝජිත ප්‍රායෝගික ක්‍රියාමාර්ගය (The Proposal)

​මෙම ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ලෙස තානාපති කාර්යාල වෙත පහත යෝජනාව ඉදිරිපත් කළ හැක,

​Asylum Refusal Letter එක ඉල්ලීම අත්හැරීම:

යුරෝපා නීතියට සහ ජාත්‍යන්තර නීතියට පටහැනි බැවින් එම ලිපිය බලහත්කාරයෙන් ඉල්ලීම නතර කිරීම.

​සම්මත දිවුරුම් ප්‍රකාශ ආකෘතියක් (Standard Affidavit Template) හඳුන්වාදීම:

තානාපති කාර්යාලය විසින්ම සකස් කරන ලද, පුරවැසිභාවය සහ අවශ්‍යනම් Asylum ප්‍රතික්ෂේප වීම හෝ Refugee ලබාගෙන නොමැති බව පමණක් සඳහන් වන දිවුරුම් ප්‍රකාශ ආකෘතියක් අයැදුම්කරුට ලබාදීම.

​Consular නිලධාරියා ඉදිරියේ සහතික කිරීම:

අයැදුම්කරු එම ආකෘතිය පුරවා, තානාපති කාර්යාලයේදී නිලධාරියා ඉදිරියේ අත්සන් කර (Sworn/Affirmed) ගමන් බලපත්‍ර අයැදුම්පත සමග අමුණා ලංකාවේ ආගමන විගමන කාර්යාලය වෙත යැවීම.

​සාරාංශය: මෙම දිවුරුම් ප්‍රකාශ ක්‍රමය (Affidavit System) මගින් රාජ්‍ය ආරක්ෂාව, පුද්ගලික රහස්‍යභාවය සහ ලංකාවේ පවතින නීතිය (Oaths and Affirmations Act) යන සියල්ලම එකවර ආරක්ෂා වන අතර, විදේශයන්හි අසරණ වන ලාංකිකයන්ට මව් රටේ සහයෝගය නිසි පරිදි ලබාදීමට තානාපති කාර්යාලවලට හැකි වේ.

​5. තානාපති කාර්යාලය මෙය ප්‍රතික්ෂේප කළහොත් ඇති නීතිමය විසඳුම්

​තානාපති කාර්යාල නිලධාරීන් යනු ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීති පද්ධතියට යටත් රාජ්‍ය සේවකයන් බැවින් ඔවුන්ට හිතුමතයට පුරවැසියෙකුගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළ නොහැක. එවැනි අවස්ථාවක ගත හැකි නීතිමය පියවර 3ක් පවතී:

​I. ආගමන විගමන පාලකවරයා වෙත සෘජුවම අභියාචනයක් (Appeal) ඉදිරිපත් කිරීම

​තානාපති කාර්යාලය යනු කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ (DIE) එක් නියෝජිත ආයතනයක් පමණි.

​අදාළ පනත: 1948 අංක 20 දරන ආගමන හා විගමන පනත.

​නීතිමය පියවර: තානාපති කාර්යාලය ඔබේ අයැදුම්පත ප්‍රතික්ෂේප කළ හේතුව ලිඛිතව ඉල්ලා සිටින්න (Written Rejection). ඉන්පසු එම ප්‍රතික්ෂේප කිරීමේ ලියුම සහ ඔබ සකස් කළ දිවුරුම් ප්‍රකාශය අමුණා, ලංකාවේ සිටින ළඟම ඥාතියෙකු හෝ නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ ආගමන විගමන පාලක ජනරාල්වරයා (Controller General of Immigration) වෙත අභියාචනා ලිපියක් යැවිය හැක.

​විසඳුම: ප්‍රධාන පාලකවරයා විසින් කරුණු සලකා බලා, තානාපති කාර්යාලයට එම දිවුරුම් ප්‍රකාශය භාරගෙන පාස්පෝට් එක නිකුත් කරන ලෙස සෘජුවම නියෝග (Directives) නිකුත් කළ හැක.

​II. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) පැමිණිලි කිරීම

​අදාළ පනත: 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(i) වගන්තිය.
​නීතිමය පියවර: රාජ්‍ය නිලධාරීන් විසින් ජාත්‍යන්තර සරණාගත රහස්‍යතා නීති උල්ලංඝනය කරමින් සංවේදී ලේඛන බලහත්කාරයෙන් ඉල්ලීම මගින් ඔබේ මූලික අයිතිවාසිකම් උල්ලංඡනය වන බව දක්වා, ලංකාවේ සිටින නීතිඥයෙකු මාර්ගයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළ හැක.

​විසඳුම: මානව හිමිකම් කොමිසම විසින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා කැඳවා විමර්ශනයක් සිදුකර, අයැදුම්කරු පීඩාවට පත් නොකර ගමන් බලපත්‍රය නිකුත් කරන ලෙස නිල නිර්දේශ (Recommendations) ලබා දෙනු ඇත.

​III. ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ රිට් (Writ) ආඥාවක් ඉල්ලීම

​මෙය ගත හැකි අවසාන සහ බලවත්ම නීතිමය පියවරයි.

​අදාළ පනත: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 වගන්ති (මූලික අයිතිවාසිකම් නඩු) හෝ මැන්ඩාමුස් රිට් ආඥා (Writ of Mandamus).

​නීතිමය පියවර: ලංකාවේ සිටින නීතිඥයෙකු ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම.

එහිදී වගඋත්තරකරුවන් ලෙස අදාළ තානාපතිවරයා, විදේශ අමාත්‍යාංශ ලේකම් සහ ආගමන විගමන පාලක නම් කරනු ලැබේ.
​විසඳුම: එහිදී උසාවිය මගින් "Writ of Mandamus" (මැන්ඩාමුස් රිට් ආඥාවක්) නිකුත් කළ හැක. එමගින් නීත්‍යානුකූල පුරවැසියාගේ දිවුරුම් ප්‍රකාශය පිළිගෙන, වහාම ක්‍රියාත්මක වන පරිදි ගමන් බලපත්‍රය නිකුත් කරන ලෙස තානාපති කාර්යාලයට සෘජු අධිකරණ නියෝගයක් පනවනු ලැබේ.

​ප්‍රායෝගිකව මුලින්ම කළ යුතු දේ:

​තානාපති කාර්යාලය මෙය ප්‍රතික්ෂේප කළහොත්, එම අවස්ථාවේදීම "මගේ අයැදුම්පත සහ දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලිඛිතව ලබා දෙන්න" යනුවෙන් නිලධාරියාගෙන් ස්ථිරව ඉල්ලා සිටින්න. ඔවුන් ලියුමක් දීමට මැලිවන්නේ නම්, විද්‍යුත් තැපෑලක් මාර්ගයෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන් දිවුරුම් ප්‍රකාශය තානාපති කාර්යාලයට යවා, ඔවුන්ගෙන් නිල ප්‍රතිචාරයක් ලබාගන්න. ඉහත සඳහන් කළ නීතිමය පියවරවල් සඳහා එම ප්‍රතික්ෂේප කිරීමේ සාක්ෂිය අත්‍යවශ්‍ය වේ.

නවාතැන් අවධාරණය කරමු. ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් සදහා තානාපති කාර්යාලය තුලින් කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට පුරවැසියන් හට තිබෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කරන ලදි.

ලිපියට අදාළ ප්‍රධාන නීතිමය මූලාශ්‍ර සහ අණපනත් (Legal Authorities & Acts)

​දේශීය නීතිමය මූලාශ්‍ර (Domestic Law of Sri Lanka):

​ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (The Constitution of Sri Lanka): 12 වන වගන්තිය (සමානත්වයේ අයිතිය) සහ 14(1)(i) වගන්තිය (තම මව් රටට පෙරලා පැමිණීමේ නිදහස).

​1948 අංක 18 දරන පුරවැසි පනත (Citizenship Act No. 18 of 1948): IV වන කොටස, 19 සහ 20 වගන්ති (පුරවැසිභාවය අහිමිවීම සහ අත්හැරීම).

​1948 අංක 20 දරන ආගමන හා විගමන පනත (Immigrants and Emigrants Act No. 20 of 1948): (විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ බලතල).

​1971 අංක 23 දරන දිවුරුම් ප්‍රකාශ සහ අභිචෝදනා පනත (Oaths and Affirmations Act No. 23 of 1971): (දිවුරුම් ප්‍රකාශ නීත්‍යානුකූල සාක්ෂියක් ලෙස පිළිගැනීම).

​දිවුරුම් ආඥාපනත (Oaths Ordinance): (පොදු නීතිමය රාමුව).
​1981 අංක 4 දරන විදේශ දූත මණ්ඩල නිලධාරී පනත (Consular Functions Act No. 4 of 1981): (විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ට දිවුරුම් සහ Affidavits භාරගැනීමට ඇති පූර්ණ බලතල).

​1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත (Human Rights Commission of Sri Lanka Act No. 21 of 1996).
​ජාත්‍යන්තර සම්මුතීන් සහ නීති (International Conventions & Laws):

8. කොන්සියුලර් සම්බන්ධතා පිළිබඳ වියානා සම්මුතිය - 1963 (Vienna Convention on Consular Relations - 1963): 5 වන වගන්තිය (පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම).

9. ජාත්‍යන්තර සරණාගත සම්මුතිය සහ රහස්‍යතා ප්‍රතිපත්ති (UNHCR Handbook and Confidentiality Principles of the 1951 Geneva Convention): (සරණාගත අයදුම්කරුවන්ගේ ලේඛන මූලාරම්භක රටේ රජයට හෙළි නොකිරීම).

​ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ (Case Law):

10. Wimal Fernando v. Passport Officer & Others: (විදේශ ගමන් බලපත්‍රයක් යනු රජයේ වරප්‍රසාදයක් නොව, පුරවැසියාගේ මූලික අයිතිවාසිකමක් බව තහවුරු කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව).

🇫🇷 EXAMEN CIVIQUE – Question 03ප්‍රංශ ජනරජයේ මූලික මූලධර්මවලින් එකක් තමයි "L'indivisibilité de la République" (ජනරජයේ අඛ...
30/06/2026

🇫🇷 EXAMEN CIVIQUE – Question 03

ප්‍රංශ ජනරජයේ මූලික මූලධර්මවලින් එකක් තමයි "L'indivisibilité de la République" (ජනරජයේ අඛණ්ඩභාවය). එහි අදහස වන්නේ ප්‍රංශයේ කොතැනක ජීවත් වුණත්, සෑම පුද්ගලයෙකුටම එකම නීතිය ක්‍රියාත්මක වන අතර සියලු දෙනාටම සමාන නීතිමය අයිතිවාසිකම් සහ ආරක්ෂාව හිමි වීමයි.

📝 ප්‍රශ්නය (සිංහලෙන්)

"ප්‍රංශ ජනරජයේ 'අඛණ්ඩභාවය' (L'indivisibilité de la République) යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?"

A. ප්‍රදේශවලට සම්පූර්ණ ස්වයං පාලනය ලබාදීම.
B. මුළු ප්‍රංශ භූමිය පුරාම එකම නීතිය හා සමාන නීතිමය අයිතිවාසිකම් ක්‍රියාත්මක වීම. ✅
C. ආගම සහ රාජ්‍යය වෙන් කිරීම.
D. එක් එක් ප්‍රදේශ ස්වාධීන රටවල් ලෙස ක්‍රියා කිරීම.

✅ නිවැරදි පිළිතුර: B – මුළු ප්‍රංශ භූමිය පුරාම එකම නීතිය හා සමාන නීතිමය අයිතිවාසිකම් ක්‍රියාත්මක වීම.

💡 මතක තබාගන්න:
L'indivisibilité de la République කියන්නේ ප්‍රංශය එකම, නොබෙදුණු ජනරජයක් බවයි. ඔබ Paris, Lyon, Marseille හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක ජීවත් වුණත්, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන අතර එකම නීතිය රට පුරාම ක්‍රියාත්මක වේ.

📚 France ජීවිතේ – La vie en France සමඟ දිනපතා Examen Civique ප්‍රශ්නයක් ඉගෙනගෙන, ඔබේ විභාගයට විශ්වාසයෙන් සූදානම් වෙමු! 🇫🇷

🇫🇷 EXAMEN CIVIQUE – Question 02ප්‍රංශ ජනරජයේ මූලික වටිනාකමක් වන "La liberté de conscience" (අදහස් හා විශ්වාසයේ නිදහස) කි...
30/06/2026

🇫🇷 EXAMEN CIVIQUE – Question 02

ප්‍රංශ ජනරජයේ මූලික වටිනාකමක් වන "La liberté de conscience" (අදහස් හා විශ්වාසයේ නිදහස) කියන්නේ, සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ආගම හෝ විශ්වාසය තෝරාගැනීමට, නැත්නම් කිසිම ආගමක් නොඅදහා සිටීමට ඇති අයිතියයි. ඒ වගේම, තමන්ගේ විශ්වාසය අන් අයට බලෙන් පැටවීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ.

📝 ප්‍රශ්නය (සිංහලෙන්)

"අදහස් හා විශ්වාසයේ නිදහස (La liberté de conscience) මඟින් ලබාදෙන්නේ කුමක්ද?"

A. නීතියට ගරු නොකිරීමට අවසර ලැබේ.
B. ආගමක් අදහන්න හෝ නොඅදහන්න නිදහස ලැබේ. ✅
C. තමන්ගේ විශ්වාසය අන් අයට බලෙන් පටවන්න පුළුවන්.
D. අනෙක් ආගම් තහනම් කිරීමට හැකියාව ලැබේ.

✅ නිවැරදි පිළිතුර: B – ආගමක් අදහන්න හෝ නොඅදහන්න නිදහස ලැබේ.

💡 මතක තබාගන්න:
ප්‍රංශයේ සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ආගම, විශ්වාසය හෝ කිසිදු ආගමක් නොඅදහා සිටීමේ නිදහස නීතියෙන් ආරක්ෂා කර තිබේ. එම නිදහස අන් අයගේ නිදහසටද සමානව ගරු කළ යුතුය.

📚 France ජීවිතේ – La vie en France සමඟ දිනපතා Examen Civique ප්‍රශ්නයක් ඉගෙනගෙන, ඔබේ විභාගයට විශ්වාසයෙන් සූදානම් වෙමු! 🇫🇷

Adresse

Paris

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Europe බෝඩරේ - France publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager