Eng.R C Dassanayaka

Eng.R C Dassanayaka Leading towards sustainable Sri Lanka

ශ්‍රී ලාංකික ජාතියක් ඇති කිරීම යනු ලෝකයේ අනන්‍ය වූ සිංහල ජාතිය සහ ඊට  උරුම කම් ඇති සියලු කාරණා විනාශ කිරීමය. මේ රටේ වෙසෙ...
18/02/2025

ශ්‍රී ලාංකික ජාතියක් ඇති කිරීම යනු ලෝකයේ අනන්‍ය වූ සිංහල ජාතිය සහ ඊට උරුම කම් ඇති සියලු කාරණා විනාශ කිරීමය. මේ රටේ වෙසෙන සියලු ම ජන වර්ග සහ පුරවැසියන්ට සිංහල ජාතිකයන් ලෙස කියන්නට හැකි ජනපති කෙනෙක් ඊළඟ ජනපතිවරණයේදී හෝ තොරා පත් කර ගැනීමට මේ රටේ ජනතාවට බුද්ධිය පෑදේවා!.. විවිධ ජාතීන් ඇති කිරීම තුළ බෙදීම් ඇති කිරීමෙන් පවත්වාගෙන යන දේශපාලන සංස්කෘතිය වෙනුවට ලෝකයේ අනන්‍ය වූ සිංහල ජාතිය සියලු දෙනාට උරුම කර දීම වඩා උචිත බව සහ බොහෝ ප්‍රශ්නවලට විසඳුමක් වන බව තේරුම් ගැනීමට හැකිවන්නේ මිනිසුන්ට මිනිසුන් ලෙස ගෞරව කළ හැකි මිනිසුන් සමාජය තුළ බිහිවුණොත් පමණි

15/02/2025

භීෂණයක අඳුරු සෙවනැලි නොවේවා..
≈≈=======≈==/=///=============
අද දින උදෑසන එනකොට මේ මිනිසුන් එක්කහු වෙලා බලන්නේ හරියටම 1980 ගණන්වල මේ රටේ පාරවල්වල දුටු ආදාහනයක්. අහඹු ලෙස මෙවැනි සිදුවීම් සිදුවිය හැකි වුවත් මේ සටහන ලියන්නට හේතුව ක් වන්නේ මීට සති දෙක තුනකට කලිනුත් මේ ස්ථානයට කිට්ටු තැනක මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් අසන්නට ලැබුණු නිසා. ඒ වගේම අසූ ගණන්වල භීෂණයට පාර කපපු අය දැන් රටේ පාලක පැලැන්තිය වෙලා ඉන්න මොහොතක .
මීට මාස ගණනකට කලින් පුද්ගලික පරිහරණය කරන ලද සියලු ගිනි අවි රජයට බාර දෙන ලෙස දන්වා සිටින ලද අතර ඒ අනුව මේ වන විට ගිනි අවි සතුව පැවතිය යුත්තේ රජය සතුව පමණි.( අසූ ගණන් වල JVP විසින් සොරකම් කරන ලද සහ එල්ටීටී යුද සමයේ විවිධ ස්ථානවල සඟවා සොයාගත නොහැකි වූ ආයුධ තියෙන්නට පුළුවන).
පවතින රජයේ ආරක්ෂක ඇමති ඔවුන් රජය අරගෙන මාස දෙකක් ඇතුළත පාතාලය ඉවර කරන බව ප්‍රකාශ කිරීම අනුව මේ වන විට පාතාලය ක්‍රියාත්මක වනවානම් එවැනි දේ සම්බන්ධයෙන් රජය පැහැදිලිව වගකිව යුතුව වෙනවා.
මෙවැනි සංසිද්ධි පුද්ගලික කෝන්තර මට්ටමේ දේවල් වන්නට ද පුළුවන්. එය එසේ නම් එවැනි මානසික මට්ටමක් ඇති ජනතාව එවැනි දරුණු මානසික මට්ටම්වලින් සිටින ජනතාව ඉන් මුදවා ගැනීමට එවැනිම මානසික මට්ටමකින් සිටි පිරිසක් සහිත රජය වඩා හොඳ වැඩපිළිවෙලක් දියත් කිරීම වටිනවා.
ඒ වගේම රජයක් වශයෙන් මෙවැනි කාරණා රජය අපහසුතාවයට පත් කිරීමට සිද්ධ කරනවාද යන්න සොයා බැලීමද කළ යුතු වෙනවා.
රටේ නීතිය සහ නීතියක් ක්‍රියාත්මක කරන ආයතන පවතින්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන්ම ද යන්න විවේචනය කිරීමට පුද්ගලිකව මට ඇති තරම් හේතු තියෙනවා.
ආසන්නතම එක උදාහරණයක් ප්‍රකාශ කලොත් 2025 පෙබරවාරි 14 වෙනිදා මගේ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ගරු විනිශ්චකාරතුමා විවෘත අධිකරණයේ ්‍රකාශ කළේ එම තීන්දුවේ පිටපතක් එදිනම ලබාගත හැකි බවයි. එහෙත් එය ලබා ගැනීමට යාමේදී සතියක්වත් ගතවන බව නිලධාරීන් සහ සේවකයින් ප්‍රකාශ කිරීම මා පුදුමයට පත් කළා. කෙසේ හෝ පැය හතරහමාරක් පමණක් රස්තියාදු වීමෙන් පසු එක් නිලධාරිනියක් මැදිහත්වී එය දින තුනකින් පමණ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකසා දුන්නා.
අප නම් අධිකරණය විසින් එවැනි ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඊට වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වීම දකින්නේ ගරු අධිකරණයට වන අපහාසයක් ලෙසයි.
එසේම එම විනිසුරුතුමන් විවෘත අධිකරණයේදී නීතිඥවරුන් විසින් වගකීමකින් තොරව වැරදි සහගත ලෙස නීතියට හිරවී පියවර ගැනීම සහ වගකීමකින් තොරව කරන ලද වැඩ ගැන ගැන විවේචනය කරා. රාජ්‍ය සේවය තුළ මෙවැනි කාරණා ඇති තරම් කියන්නට පුළුවන්.
මේ කෙටි කාරණා කීපය තුළින් අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ පවතින රජය යම් භීෂණය හෝ මර්ධනකාරී තත්ත්වයක් පවත්වා ගනිමින් බලයේ සිටීමට උත්සාහ දරන්නේද නැත්නම් වෙනත් පිරිස් විසින් එවැන්නක් ඇති කිරීමට උත්සාහ දරන්නේ ද නොයේසේනම් නීතිය ක්‍රියාත්මක කළ යුතු ි ආයතන සහ ක්‍රමවේද නිවැරදි කිරීම සඳහා ඉක්මන් සහ සාධනීය පියවර ගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කිරීමටයි. මාගේ එකම ප්‍රාර්ථනය යහපත් පරිසරයක් ඇති කිරීම තුළින් යහපත් දේශයක් ඇති කිරීමට මිනිසුන්ට සිහිය බුද්ධිය ලැබේවා කියලා පමණයි

චතුමිකොන්සෝටියම් පුද්ගලික ආයතනයේ ඇබෑර්තු වැලිපිල්ලෑව ගනේ මුල්ල
05/12/2024

චතුමිකොන්සෝටියම් පුද්ගලික ආයතනයේ ඇබෑර්තු වැලිපිල්ලෑව ගනේ මුල්ල

13/11/2024

Address

418/2/C/6, Welipillewa
Ganemulla
11020

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Eng.R C Dassanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category