10/04/2026
මං මේ අද ඊයේ පෙරේදා දවස් කිහිපයේම දැක්ක දෙයක් තියෙනවා.
දැන් ඔය ගල් අඟුරු වංචාව කියන එක කොහොමවත්ම හෝදන්න බැරි එකක්නෙ.
අඩුම ගාණෙ හේදීම කෙසේවෙතත් වැලි ටිකක්, අයිසිං ටිකක් දාලා වහන්න හැදුවත් දරාගන්න බැරි ගඳක් එන වැඩක්නෙ.
ඒ නිසා මේ ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කඩේ යන "උගත් බුද්ධිමත් මධ්‍යම පන්තිය" කියලා කියන එකට ආමන්ත්‍රණය කරන මධ්‍යම පාංතික "වැදගත්", "මධ්‍යස්ථ" ඩෝබිලා මේ දවස් ටිකේම දාන්නෙ මේ ගල් අඟුරු වංචාව කරපු අඟුරු කුමාරගේ ගෝලයා නිර්ලජ්ජිත විදියට රැකපු එකෙන් ආණ්ඩුවේ සුජාතභාවය නැති වුණා ය වගේ වැල් බයිලා.
හැබැයි දැන් මේකෙන් ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වුණා කියලා මේ "මධ්‍යස්ථ" ඩෝබිලා හෙට ඉඳන් තක්කඩි ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න එක නවත්තනවද..? නෑ.. මොන පිස්සුද.
උන් මේ උණුසුම පොඩ්ඩක් යට ගියපු ගමන් ආයෙ වැඩේ පටන් ගන්නෙ "ගල් අඟුරු වංචාවක් වුණා තමයි. හැබැයි මෙහෙමයි......" කියලා.
උන් මේ වෙලාවෙ ආණ්ඩුවේ සුජාතභාවය නැති වුණා වගේ බයිලා ගහ ගහ ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නෙ උන්ට ආණ්ඩුවේ සුජාතභාවයක් ගැන තියෙන මඟුලේ කැක්කුමක් නිසා නෙවෙයි. උන්ට ඇත්තටම තියෙන්නෙ උන් පශ්චාත් භාගය ඉරාගෙන දඟලලා හොරු අල්ලන්න කියලා ගෙනාපු නෙළුම් මල් හතේ සුපිරිසිදු ආණ්ඩුව උන්ට අරින ඇරිල්ලේ ලැජ්ජාව දරාගන්න බැරි නිසා.
ඒ නිසා උන් දවසකට දෙකකට මේ වංචාවෙ පරිමාව ගැන අදහසක් තියෙන තම තමන්ගේ Circle වල යමක් කමක් තේරෙන උන්ගෙ තනි බයිට් එක තමන් වීම වළක්වා ගන්න මේ වංචාවට මුල ඉඳන් විරුද්ධ වෙච්ච මිනිස්සු එක්ක හිටගෙන තමනුත් මේ මහා වංචාවට විරුද්ධයි වගේ හෙන මධ්‍යස්ථයි වගේ මොකක්ද එකක් පෙන්නන්න හදනවා.
අදින් ඒ අමාරු කාලය අවසන්. තව උපරිම දවසක් දෙකක් ඕන නම් උන් ඔහොම ඉඳීයි.
ඊට පස්සෙ ආයෙත් ඕකුන් මේ ජඩ ආණ්ඩුව වෙනුවෙන් "නියමිත මාත්‍රාවෙන්" ආයෙ පෙනී ඉන්න පටන් ගන්නවා.
මං කියන්නෙ ඔන්න ඔය මම උඩ කියපු කොටස තමයි තක්කඩිම සෙට් එක.
ගොඩදාන්නම බැරි වෙලාවල් වල උන්ට උන්ගෙ නම්බුව බේරගන්නත් ඕන. හැබැයි දිර්ඝකාලීනව ආණ්ඩුවෙ වෙනුවෙන් පෙනී ඉන්නත් ඕන.
එක අතකටමේ ගල් අඟුරු වංචාවල්,රුපියල් බිලියන ගණන්වල පාඩු අරවා මේවා මොකවත් අදාළ නැති හද්ද නූගත්, තමන්ට කියලා රැකගන්න "නමක්", නම්බුවක් නැති, Maintain කරන්න Social Media Image එකක් නැති,මේ බැරෑරුම් දේවල් මෙලෝ මළ සංසාරයක් තේරෙන්නෙ නැති මෝඩකමයි, කුහකකමයි, සමාජ වෛරයයි නිසා මේ ආණ්ඩුවට ඡන්දෙ දීලා අර අනුරගේ අතිජාත මිත්‍රයා වෙච්ච මානසික රෝගී Youtube දඩෝරියා වගේ උන්ගේ කුණුහරප ටිකක් අහගෙන ඒවට Comment එකක් දාගෙන ඉන්න උන් වැඩේට අවංකයි.
මම කියන්නෙ මිනිහෙක් නූගත් මෝඩයෙක් වීම නිසා නරකක් වෙනුවෙන් පෙනී සිටින මිනිහෙක් සහ ඉතාම දැනුවත්ව නරකක් වෙනුවෙන් පෙනී සිටින මිනිහෙක් කියන දෙන්නගෙන් වඩාත් තක්කඩියා දෙවෙනි වර්ගයේ මිනිසුන්ය.!!!